යාල කියන්නේ ලංකාවට ඇදෙන සංචාරකයන් අනිවාර් යෙන්ම ගොඩවදින තැනක් කිව්වොත් නිවැරදියි. විශේෂයෙන්ම නොවැම්බර් සිට ජනවාරි දක්වා වැටෙන වැස්සෙන් පස්සෙ මේ වෙද්දි යාල ටිකක් දුරට තමන්ගේ සුපුරුදු වියළි පරිසරයට හැඩගැහිලා. අප්‍රේල් මැයි දක්වා පවතින මේ වියළි කාලගුණය නිසාම අලි, දිවියන් සහ වෙනත් වන සතුන් හොඳින් දැකගන්න ලැබෙනවා.
ඉතින් යාල නරඹන්න පැමිණෙන ඔබට නවාතැන් ගන්න පුළුවන් අපූරු හෝටලයක් තමයි කිරින්ද යාල පාරේ යාල වනෝද්‍යාන පිවිසුමට කිලෝමීටර 12ක දුරින් පිහිටලා තියෙන ලලන් යාල විලා හෝටලය. 2017 අගොස්තු මාසයේදී විවෘත කෙරුණු මේ හෝටලට ලලන් ව්‍යාපාර සමූහයට අයත් හෝටලයක්. මේ හෝටලය සතුව ෆැමිලි ෂැලේ 05ක් සහ එක් යුගල කාමරයක් පවතිනවා. ෂැලේ කාමරවල කින්ග් සයිස් නිදන ඇඳන් දෙකක් තිබෙන නිසා හතරදෙනකුට පහසුවෙන් නවාතැන් ගන්නත් පුළුවන්.
මේ හැම කාමරයකම හොඳින් ඉඩකඩ සහිත නාන කාමරයක්, කේබල් ටීවී, තේ සහ කෝපි සෑදීමේ පහසුකම්, සේප්පුවක් පවතිනවා. ඒ වගේම අලංකාර ලෙස ඉදිකර ඇති පිහිනුම් තටාකයත් කාබනික එළවළු වගාව ආදියත් මේ කාමරවලට ලස්සන දර්ශනයක් සපයනවා. මේ හෝටලයේ තේමාව වී තිබෙන්නේ ලංකාවේ ගැමි පරිසරයේ අත්දැකීම සංචාරකයින්ට සමීප කිරීමයි. විශේෂයෙන්ම සොබාදහම හා ඉතා කිට්ටුවෙන් තම විවේකය ගතකිරීමේ අවස්ථාව ද නාගරික කාර්යබහුලත්වයෙන් මිදීමේ අපේක්ෂාවෙන් මෙහි යන සංචාරකයන්ට ලැබෙන වාසියක්. පෞද්ගලිකත්වයට වඩාත් ප්‍රියකරන සංචාරකයන්ට මුළු හෝටල් භූමියම වෙන් කරවා ගැනීමේ අවස්ථාව හිමිවීමත් තවත් වාසියක්.
සාමාන්‍යයෙන් දේශීය ආහාරපාන පමණක් පිළියෙල කරන නමුත් සංචාරකයන්ගේ වුවමනාව පරිදි වෙනත් ආහාර වර්ග පිළියෙල කරදීමටත් ලලන් යාල විලා සැදී පැහැදී සිටී. සෆාරි යන අතරතුර ගැනීමට පවා කෙටි ආහාර හෝටලයෙන් සූදානම් කරදෙනවා. ඒ වගේම පිහිනුම් තටාකය අසල හෝ වනාන්තරයේ විවෘත පරිසරයේ රාත්‍රී භෝජනය ගැනීමේ අවස්ථාවත් තිබෙනවා. නවාතැන් හා ආහාර හැරුණු විට තවත් ක්‍රියාකාරකම්වල නිරත වීමටත් මෙහිදී ඉඩ ලැබෙනවා. කුරුල්ලන් නැරඹීම, කඳවුරු බැඳීම එවන් ක්‍රියාකාරකම් කිහිපයක්. නමුත් වැඩිම විනෝදයක් ලැබෙන්නේ බයිසිකල් සවාරිය තුළිනුයි. වනාන්තරය, කුඹුරු යායවල්, වැව් කණ්ඩි මතින් ඇදී යන මේ බයිසිකල් සවාරිය වැසි සමයේදී තවත් සුන්දරයි. බූන්දල, ලුණුගම්වෙහෙර හා උඩවලව වනෝද්‍යාන වගේම කිරින්ද, සිතුල්පව්ව, මඟුල් මහා විහාරය, කතරගම, නිමලව ආරණ්‍ය සේනාසනය ආදී තැන්වලටත් මේ හෝටලයේ සිට පහසුවෙන් ළඟාවෙන්න පුළුවන්.
- සනත් වීරසූරිය