Finding bliss නමින් චිත්‍ර ශිල්පීන් පස් දෙනෙක්ගේ එක්වීමෙන් පැවැත් වූ චිත්‍ර ප්‍රදර්ශනයක් පසුගිය දිනෙක කොළඹ ලයනල් වෙන්ඩ්ඩ් කලාගාරයේදී පැවැත්විණි. එය සංවිධානය කර තිබුණේ භාවික චිත්‍ර කලා පදනමෙනි. චිත්‍ර ශිල්පීන් පස් දෙනා වූ වෝල්ටර් කුලසූරිය, බී.පී. සුනිල් ශාන්ත, වතික සමරසේකර, චාමලී වික්‍රමසිංහ සහ නිශාන් සේනාරත්න වෙති.
වෝල්ටර් කුලසූරිය අහංගම තමන්ගේම කලාගාරයක් පවත්වාගෙන යන සංචාරකයන්ට අලෙවිය සඳහා චිත්‍ර අඳින සිත්තරෙකි. දියසායම්, තෙල් සායම් හා ඇක්‍රලික් මාධ්‍යවලින් අදින ලද ඔහුගේ චිත්‍රවලින් නැගී පෙනෙන්නේ වාණිජත්වයයි. ඔහුගේ චිත්‍ර එකම දෘෂ්ටියක් ඔස්සේ ඇඳීමට උත්සාහ කළා නම් තවත් විශිෂ්ටත්වයට පත්වීමට ඉඩ තිබූ බව පෙනේ. ඉදිරි චිත්‍ර ප්‍රදර්ශනවලදී ඔහු ඒ සඳහා උනන්දු වුවහොත් ඔහුටම ආවේනික සිත්තම් රටාවක් බිහිකරගත හැකිවනු ඇත.
සුනිල් ශාන්ත විහාර චිත්‍ර කලාවට ඇල්මක් දක්වන ඒ ගැන අධ්‍යයනය කරන්නෙකි. මෙම ප්‍රදර්ශනයට ඔහු ඉදිරිපත් කළ චිත්‍රවලද විහාර බිතුසිතුවම් සම්ප්‍රදායට ඇති නෑකම කැපීපෙනේ. හංසයා චිත්‍රයේ සිටින අප්සරාව නිල් වර්ණයේ ප්‍රභේද යොදා ගනිමින් අඳින ලද්දකි. එහි පසුබිමෙහි වර්තමාන ලෝකය ගැන ඉඟියක්ද ලබා දේ. කරඬුව ගෙන යන ඇතා චිත්‍රය උඩරට බිතු සිතුවම් කලාව හා තායිලන්ත බිතුසිතුවම් කලාවේ මිශ්‍රණයක් බව පෙනේ. එහි ඇතා සහ කරඬුව වටා යම්කිසි ආලෝකයක් දිදුලයි. ගණදෙවියා චිත්‍රය ද බිතුසිතුවම් සම්ප්‍රදායම තවදුරටත් වර්ධනය කිරීමෙන් ලද ප්‍රතිඵලයකි. සුනිල් මේ සෑම චිත්‍රයකටම සීමිත වර්ණ සංඛ්‍යාවක් භාවිතා කරයි. ඒවා ඇසට සෞම්‍ය වේ. ඔහු එක් සම්ප්‍රදායක් ඔස්සේම ගැඹුරට හැදෑරීමෙන් චිත්‍ර කලාවේ ඔහුටම අනන්‍ය ඉසව්වක් සොයාගත හැකි සිත්තරෙකි.
නිශාන් සේනාරත්න වඩාත් ප්‍රතිභාවක් පෙන්වන්නේ මූර්ති ශිල්පයටය. මෙම ප්‍රදර්ශනයට ඉදිරිපත් කර තිබූ එකලස් මූර්ති කලාවට අයත් සිහින සහ බෝ පත්‍රය වඩාත් ව්‍යාංගාර්ථයක් ජනිත කරන්නට සමත්ය. ඔහු බෝපත්‍රය නිර්මාණය කර ඇත්තේ රෝහල්වලින් ඉවත දමන කතුරැවලිනි. ආගම අබිං යයි කාල් මාක්ස් කියූ අදහස තවදුරටත් මතුකරන මූර්තියකි. එය.
චාමලී වික්‍රමසිංහ ඉදිරිපත් කර තිබුණේ පිටපත් කරන ලද බිතුසිතුවම්වල සිත්තම්ය. ඒ අතරින් තිවංක පිළිම ගෙයි දේවාරාධනාව, සීගිරිය සිතුවම් ආදිය දැකගත හැකිවිය. තමාටම ආවේණික වර්ණ භාවිතය සහ සියුම් රේඛා භාවිතයට ඇති ඇගේ හැකියාව එම සිත්තම් ප්‍රකට කරයි. පිටපත් කිරීමේ කලාවකට යාහැකි බවට ඉඟි ඇයගේ සිත්තම්වලින් ද ප්‍රකට වේ. ඒ සඳහා ප්‍රකට ස්ථානවල සිතුවම්වලට වඩා සැඟවුණු සිතුවම් සොයා යාම වඩාත් සාර්ථක පියවරක් වනු ඇති බව අපගේ හැඟීමයි.
වනික සමරසේකර ප්‍රකට ළමා චිත්‍ර ශිල්පී ජයරත්න සමරසේකරගේ පුත්‍රයාය. ඔහු තම පියාගෙන් ලද ආභාෂය ද සමහර සිත්තම්වලින් පෙනේ. මල් නෙලන කාන්තාවෝ ඔහුගේ චිත්‍ර අතර සුවිශේෂී ප්‍රතිභාවක් පෙන්වයි. කොළ පැහැය ප්‍රධාන වශයෙන් භාවිත කළ එහි කාන්තාවන්ගේ සිරැරැවල රිද්මය තෙලිතුඩට කදිමට හසුකර ගැනීමට ඔහු සමත් වී තිබේ. ඔහු තද වර්ණ භාවිත කළත් ඇසට සෞම්‍ය ආකාරයෙන් ඒවා යොදාගැනීමට හැකියාවෙන් යුතු ශිල්පියෙක් බව පෙනේ.
පාඨක