2018 මාර්තු 17 වන සෙනසුරාදා

Taj samudra හෝටලේ ඉරිදා ස්පෙෂල් බුෆේ Ports of Call

 2018 මාර්තු 17 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 184

♦ දුම් ගැසූ මාළු පෙති එක්ක සීසර් සලාද
♦ රෝස්ට් පෝක් - රෝස්ට් ටර්කි

ටාජ් සමුද්‍රා හෝටලයේ Ports of Call අවන්හල සතිය පුරවටම උදෑසන, දිවා සහ රාත්‍රී ආහාර බුෆේ ක්‍රමයට ලබාගෙන තැනක්. නමුත් මෙතැන බොහෝදෙනා අතර ජනප්‍රිය වෙලා තියෙන්නේ ඉරිදා දවස තුළයි. ඒකට හේතුව තමයි අනිත් දිනවල නැති තරම් ආහාර විවිධත්වයක් මෙතැන ඉරිදාට තියෙනවා.

බීම වර්ග ගැන කතාකරද්දි අයිස් කෝපි, පළතුරු යුෂ වලට අමතරව, බීර සහ ෂැම්පේන් ලබාගන්නත් පුළුවන්. බුෆේ එකේදි ඔබ තෝරාගන්නා පැකේජයට අනුව ඕනෑතරම් බීර සහ ෂැම්පේන් ලබාගැනීමේ අවස්ථාවත් තියෙනවා. 
සුප් වර්ග, පාන් වර්ග වලින් වගේම දුම් ගැසූ මාළු පෙති හෝ මස්වලිනුත් ආහාර ගැනීම පටන්ගන්න පුළුවන්. ඒ වගේම ජපන් සුෂී වර්ග රැසකුත් එහි තිබෙනවා. අපි රස බැලුවේ දුම් ගැසූ මාළු පෙති සමඟ පිළිගැන්වෙන සීසර් සලාදයයි. 
ඉන් අනතුරුව ප්‍රධාන ආහාර වේලේදී, රෝස්ට් පොක් සහ රොස්ට් ටර්කි අපේ තේරීම වුණා. ඒවා පිළිගැන්වුණේ රෝස්ට් කරපු එළවළු සමඟයි. ඒ ආහාර වේලේ තිබුණේ වචනයෙන් විස්තර කරන්න බැරි තරම් රසයක්. ඊට අමතරව බත් වර්ග කිහිපයකුත්, පැස්තා සහ පීට්සාත් දකින්න ලැබුණා.

මෙතැන තිබුණු අතුරුපස ප්‍රමාණය හිතාගන්නවත් බැරිතරම් විශාලයි. කොයි දේ තෝරගන්නවද කියලා හිතාගන්නත් අපහසු වුණා. අවසානයේ තෝරාගත්තේ බටර් ස්කොච් සෝස් සහ වැනිලා අයිස්ක්‍රීම් සමඟ පිළිගන්වා තිබුණු රටඉඳි පුඩිමක්. චොක්ලට්වලින් හැදූ විවිධ අතුරුපසවලට අමතරව කළුදොදොල් සහ ගුලාබ් ජමූන් වගේ රසකැවිලිත් එතැන තිබුණා.

ඇත්තටම ගෙවන මුදලට සාපේක්ෂව හොඳ වටිනාකමක් තියෙන ආහාර වේලක් මෙතැනදී රස විඳින්න පුළුවන් කියන එක තමයි මගේ හැඟීම! 

♦  නටාෂා ප්‍රනාන්දුපුල්ලේ
ඡායාරූප - කණිෂ්ක ගනේවත්ත