ඇදුම රෝගය යනු ශ්වසන පද්ධතියේ හටගනු ලබන ආසාත්මිකතාවයේ උපරිම අවස්ථාවක්. අපථ්‍ය ආහාරයක්, විස දුමක් හෝ පෙනහළුවලට දරා ගන්නට බැරි වායුවක් ආඝ්‍රාණය කළවිට ඒවාට ආසාත්මික වූ රෝගීන්ගේ ශ්වසනනාලය සහ පෙනහළු තුළ ඇති සියුම් නාළ ඉදමී අවහිර වීමක් සිදුවේ.
මෙම අපථ්‍ය ආහාර සාධකයක් රෝගියාගෙන් රෝගියාට වෙනස් වේ. ඇතැමුන්ට දොඩම් යුෂ අපථ්‍ය වනවිට තවත් කෙනකුට එය අපථ්‍ය වීමක් සිදු නොවේ. මේ නිසා ඇදුම හා හතිය රෝගීන් පළමුව තමන්ට අපථ්‍ය ආහාර හඳුනාගැනීම ඉතා වැදගත් වේ. එමෙන්ම මෙම හතිය ඇදුම ඇති රෝගීන් උණු ජලයට වඩා ඇල් ජලයෙන් ස්නානය කිරීම ඉතා වැදගත් වේ.
එමෙන්ම රෝගය සඳහා ඔබේ මුළුතැන්ගෙයින්ම සොයාගත හැකි ඉතා ගුණදායක ඖෂධයක් ලෙස කොත්තමල්ලි සහ ඉඟුරු හැඳින්විය හැක. කොත්තමල්ලි සහ ඉඟුරැ එකට තම්බා දිනකට වේල් තුනක් පමණ පානය කරන්න. තේ වෙනුවට මෙම පානය කළ හැක. ඉතා සාර්ථක ප්‍රතිපල ලබා ගැනීමට නම් කොත්තමල්ලි ග්‍රෑම් 50ක්, අමු ඉඟුරු ග්‍රෑම් 20ක් ගෙන වතුර කොප්ප හයක් දමා කෝප්ප තුනක සිඳ වේල් තුනකට මෙම පානය උදේ දවල් රෑ පානය කරන්න.
ආයුර්වේද වෛද්‍ය
චාන්දනී වික්‍රමආරච්චි