2018 මාර්තු 31 වන සෙනසුරාදා

ග්‍රහයන් ලෙඩ දෙන්නේ මෙහෙමයි

 2018 මාර්තු 31 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 222

රෝග වළක්වා ගැනීම සඳහා මෙන්ම වැළඳුණු පසු සුවකර ගැනීමටද අප කවුරුත් ඖෂධ පාවිච්චි කිරීමට යොමුවීම සාමාන්‍ය දෙයක් බවට පත්ව තිබේ. එහෙත් සැමවිටම රෝග ඖෂධවලින් සුවකිරීමට පුළුවන්කමක් නැත. ඇතැම් රෝගවලට කොතරම් පෙර අපර දෙදිග බෙහෙත් කළත් සුවවීම ප්‍රමාද වෙයි. ඇතැම් වෙලාවට රෝගියා මරණයට පත්වීමද සිදුවිය හැකිය.

මෙලෙස ඖෂධවලින් රෝග සුවනොවන අවස්ථාවලදී රෝගීන් වෙනත් උපක්‍රම සඳහාද යොමුවේ. එයට හේතුව කෙසේ හෝ ලෙඩය සුවකර ගැනීමට අවශ්‍ය නිසාය. විවිධ කෙම්පහන් කිරීමට මෙන්ම කේන්ද්‍ර පරීක්ෂා කර ග්‍රහදෝෂ අනාවරණය කරගෙන ඒවායින් ගැලවීමට විවිධ වත්පිළිවෙත් කිරීම තුළින් සුවනොවී පවතින රෝග වුවද කෙටිකලකින් සුවකරගත හැකිවනවා ඇත.

සූර්යා ප්‍රධාන කොට ඇති ග්‍රහයන් 12 දෙනාගෙන් සමන්විත නව ග්‍රහයන් පාපීව මහදශා, අන්තර් දශා, විදශා ගත කරන කාලවලදී ඇතිකරවන රෝග පිළිබඳ දැනුමක් ඇතිකරගැනීම වැදගත් වේ. එවිට අදාළ ග්‍රහයා තෝරාගෙන ඒ අනුව කළ යුතු වත්පිළිවෙත් ප්‍රවීණ ජ්‍යොතිෂවේදියකු සමඟ සාකච්ඡා කර යෙදිය හැකිය.

ග්‍රහ මඩුල්ලේ රජු ලෙස සැලකෙන රවි ග්‍රහයාගෙන් ඇතිවන රෝග

 අධික රුධිර පීඩනය
 උණ - මොළයට සම්බන්ධ රෝග
 ඇස් රෝග, උගුරේ රෝග
 කනේ රෝග - නාසයේ රෝග
 ක්ෂය රෝගය
 පාචනය

ග්‍රහ මඩුල්ලේ බිසව ලෙස සැලකෙන සඳු ග්‍රහයාගෙන් ඇතිවන රෝග

 පීනස් රෝග
 සෙම්ප්‍රතිශ්‍යාව, කැස්ස, හතිය
 කුඩා ළමුන්ට වලිප්පුව, පණු රෝග
 හර්ණියා, මුත්‍රා රෝග
 අජීර්ණ, පිළිකා, ආමාශගත රෝග

ග්‍රහලොව සෙන්පති ලෙස සැලකෙන කුජගෙන් ඇතිවන රෝග

 තද උණ
 මහාමාරිය - වසූරිය
 පිළිස්සීම්
 කැපුම් - කෙටුම් තුවාල
 උණ සන්නිපාතය
 මැලේරියාව
 ගෙඩි, වණ, විසප්පු
 ගබ්සා වීම්
 හදිසි අනතුරු

ග්‍රහලොව සුරතලා ලෙස සැලකෙන බුධගෙන් ඇතිවන රෝග

 මානසික ආබාධ, ගොළුවීම
 ගොත ගැසීම
 අමතක වන ගතිය
 හිස කැක්කුම
 පිස්සුව

ග්‍රහලොව ගුරු හෙවත් බ්‍රහස්පතිගෙන් ඇතිවන රෝග

 ඇස් රෝග
 උදරය නෙරා ඒම
 ආමවාත
 ස්ත්‍රීන්ගේ ඇඟ උණුකරවා යාම
 සෙංගමාලය
 දියවැඩියාව
 අධික තරබාරුව

ග්‍රහලොව ශුක්‍ර හෙවත් සිකුරුගෙන් ඇතිවන රෝග

 ඇස්වල සුද ඇතිවීම
 සෙම් රෝග
 කම්මුල්ගාය
 වකුගඩු සම්බන්ධ රෝග
 දියවැඩියාව
 සිහින රෝග
 මුත්‍රාබාධ

ශනි හෙවත් සෙනසුරුගෙන් ඇතිවන රෝග

 අංශභාගය
 පිළිකා, ගෙඩි, වණ, කුෂ්ට
 සන්ධිගත වාත රෝග
 බිහිරි බව ඇතිවීම
 ශල්‍යකර්මවලට භාජනය වීම
 කැඩුම්, බිඳුම්
 නින්ද නොයෑම
 කරගැට ඇතිවීම
 මුහුණේ පැහැය දුර්වර්ණ වීම
 ඡායා ග්‍රහයෙක් වන රාහුගෙන් ඇතිවන රෝග
 චර්ම රෝග

ශරීරයේ ලේ දූෂිත වීමෙන් ඇතිවන රෝග

 මැලේරියාව
 වසංගත රෝග බෝවීම
 ඇස් රෝග
 රක්ත වාතය
 අර්ශස්

ඡායා ග්‍රහයෙක් වන කේතුගෙන් ඇතිවන රෝග

 ඇඟ කෙට්ටුවීම
 කුඩා දරුවන්ට මාන්දම ඇතිවීම
 තුවාල, කැළැල් ඇතිවීම
 පණු රෝග
 අංශභාග වැනි රෝග
 මුහුණ කළුවීම

 විශේෂ ජ්‍යොතිෂවේදියකු විසින්