2018 මාර්තු 31 වන සෙනසුරාදා

විවාහ වෙන්න පෙර අයවැය දැනගන්න

 2018 මාර්තු 31 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 191
 
විවාහාපේක්ෂක ස්ත්‍රී පුරුෂ දෙදෙනාගේ හඳහන් බලා ඔවුන්ගේ විවාහයෙන් පසු ජීවිතය පිළිබඳව අනාවැකියක් කීමට හැකි ඉතා විශේෂ ජ්‍යොතිෂමය ගණිත ක්‍රමයක් පිළිබඳව ඉපැරණි රහස් ලියවිල්ලක සටහන්ව ඇත. එය වර්තමාන අනාගත විවාහාපේක්ෂකයන්ගේ යහපත උදෙසා මෙසේ සටහන් කරමි. මෙය ඇත්තටම විවාහ අයවැයකි.
 
ඒ සඳහා අස්විද නැකතේ සිට ස්ත්‍රී උපන් නැකතට ඇති නැකත් ගණනත්, එසේම පුරැෂයා උපන් නැකතට ඇති නැකත් ගණනත් වෙන වෙනම ලියා ගන්න. වෙනත් ආකාරයකට කිවහොත් අස්විද නැකතේ සිට ස්ත්‍රී නැකතේ සංඛ්‍යාවත් අස්විද නැකතේ පුරැෂ නැකතේ සංඛ්‍යාවත් වෙන වෙනම ලියා ගන්න. ඉන් පසු එම සංඛ්‍යා එකතුකොට නැවත එකතුවට 13ක් එක්කොට යළි එයින් 32ක් අඩු කර ලැබෙන ශේෂය 5න් බෙදා එහි ශේෂය අනුව  විවාහ අයවැය බැලිය යුතුය. (32ක් අඩුකලවිට 5න් බෙදිය නොහැකිනම් ඒ ගණනට 13ක් එක්කොට 5න් බෙදා ලත් ශේෂය අනුව බැලිය යුතුය.)
 
එහි ප්‍රතිඵල ලෙස,
1. දරු සම්පත්
2. මරණ, හානි
3. ධන සම්පත්
4. ලෙඩ රෝග
5. යස ඉසුරු හා ධන ලාභ
 
බෙදූවිට ඉතුරු නොවෙයි නම් පහ (5) ශේෂය ලෙස ගෙන ප්‍රතිඵල විමසා බලන්න.
උදා - 
ස්ත්‍රී - රෙහෙණ 4
පුරැෂ - විස්‍රා 16
20
 
20 + 13 = 33 (එකතුව 13 එකතු කළවිට)
33 5 (33 පහෙන් බෙදන්න) ශේෂය 3 ධන සම්පත් වෙයි.
 
ඉහත කී ගණන් අඩු වැඩි නොකළ හැකි නම් නැකැත් දෙක විලෝමයෙන් ගැන බලන්න. එනම් උපන් නැකතේ සිට අස්විද නැකතට ආපස්සට ගණින්න. එම සංඛ්‍යා දෙක එකතු කරන්න. යළි එයට 13ක් එකතු කර 5න් බෙදා ලැබෙන ශේෂය මෙසේ දැයි බලන්න.
 
1. වස්තු ලාභ
2. සම්පත් හානි
3. ධන හානි
4. අනතුරු
5. ධන ලාභ
උදා - 
ස්ත්‍රී - පුවපල් 11
පුරැෂ - පුනාවාස 5
16
(16 + 13) 5 ශේෂය 4 
 
(සංඛ්‍යා දෙකෙහි එකතුවට 13ක් එකතුකොට 5න් බෙදා ලැබුණු ශේෂය 4කි.) හතරෙන් අනතුරු ගැන කියයි.
 
ස්ත්‍රී ජන්ම නැකතේ සිට පුරුෂ ජන්ම නැකත ගැන 5න් ගුණකර 7න් බෙදා ඉතිරි ශේෂය වැය ගණනයි. පුරුෂ ජන්ම නැකතේ සිට ස්ත්‍රී ජන්ම නැකත ගැන ඒ සංඛ්‍යාව 5න් ගුණකර 7න් බෙදා ලත් ශේෂය අය ගණනයි. මෙය අඹුසැමි දෙදෙනාගේ අය වැය සංඛ්‍යාවයි. මෙසේ අය වැය පරික්ෂා කර බලා අනාගත දියුණුව හා අභිවෘද්ධිය විමසා දැනගත හැකිය.
 
ජ්‍යෙතිෂවේදී,
බණ්ඩාරගම සම්පත් එස්. කල්පගේ
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00