මීගමුව කියන්නේ 50 සහ 60 දශකයේ පටන් ලංකාවේ තියෙන ප්‍රසිද්ධම මුහුදු තීරයක්. පුංචි රෝමය නමිනුත් ප්‍රසිද්ධ මීගමුවේ සිට මහ ඔය මුහුදට වැටෙන ස්ථානයේ පිහිටි ඩෙල්ටාව දක්වා මේ දැකුම්කළු මුහුදු තීරය පැතිර පවතිනවා. මේ මුහුදු තීරයට එකතුවුණු අලුත්ම සාමාජිකයා විදිහට water land villa හඳුන්වන්න පුළුවන්. උතුරින් මහ ඔයේ දර්ශනයත් බටහිරින් හැමිල්ටන් ඇළේ දසුනත් මේ හෝටලයට කදිමට දිස්වෙන මේ හෝටලය ඇත්තෙන්ම සුවිශේෂී ස්ථානයක්.
රෙසෝට් පන්නයේ මේ හෝටලයේ සුඛෝපභෝගී විලා හතරකුත් Suites පන්නයේ එක් විලා කාමරයකුත් දකින්න පුළුවන්. මුළු හෝටලයම ජලයෙන් වටවී තිබීමත් තවත් විශේෂත්වයක්.
මහ ඔය අද්දර තිබෙන එලිෆන්ට් විලා වගේම හැමිල්ටන් ඇළ ආසන්නයේ ඉදිකර තිබෙන ලෝටස් විලා සහ ෆයර් විලා යන දෙකේම එක් නිදන කාමරයක්, නාන කාමරයක්, ඉන්ෆිනිටි පිහිනුම් තටාකයක්, පූල් ටෙරසයක්, ආහාර ගැනීමේ ස්ථානයක් දකින්න පුළුවන්. Suit විලා කාමරයේ නිදන කාමර දෙකක්, නාන කාමරයක් සහ විශාල විසිත්ත කාමරයක් තිබෙනවා. මේ කාමරවල නවීන පහසුකම් සියල්ලක්ම පාහේ ඇතුළත්.
අවට පරිසරය හා මුහුවන කාමර, නිර්මාණ පසුබිම, වර්ණ වගේ දේවල් මේ හෝටලයට සියුම් විදිහට එකතු කරගෙන තියෙනවා. අනිත් අතට මේ හෝටලය පෞද්ගලිකත්වයට වැඩි ප්‍රමුඛත්වයක් දෙන විශේෂයෙන්ම රොමාන්තික නිවාඩුවක් අපේක්ෂා කරන අයට වඩාත් ගැලපෙනවා.
ආහාරපාන කියන්නේත් මෙතැනදී අමතක කරන්න බැරිම දෙයක්. විවෘත එහෙමත් නැත්නම් එළිමහන් ප්‍රිය සංකල්පයට අනුව තමයි හෝටලයේ අවන්හල නිර්මාණය කරලා තියෙන්නෙ. යටත් විජිත යුගයේ වාස්තු විද්‍යාත්මක සැලසුම් අනුව යමින්, ලීයෙන් තැනූ ගෙබිම, දැව දොර පේළි, පරණ සෙවණැලි, රූකඩ වගේ දේවල් මෙතැන අලංකාරය තවත් වැඩි කරනවා. අවන්හලේ එක් පසෙකට හැමිල්ටන් ඇළත් අනෙක් පසට විශාල පොල් වත්තකුත් දිස්වෙනවා. අවන්හලේදී බටහිර ආහාරපාන වගේම ලාංකික ආහාරපානත් පිරිනැමෙනවා.
මහ ඔය ආසන්නයේ පිහිටි Floating Spa Treatment Centre එකත් තවත් විශේෂාංගයක්.
හැමිල්ටන් ඇළේ බෝට්ටු සවාරි, මාළු ඇල්ලීමේ විනෝද ක්‍රියාකාරකම්, අවට ගම්මානයේ සයිකල් සවාරි වගේ සංචාරක අත්දැකීම් ලබාගන්නත් හෝටල් කාර්ය මණ්ඩලය උදව් කරනවා. ඊට අමතරව මීගමුව ලන්දේසි බලකොටුව, ලෙල්ලම මාළු වෙළෙඳපොළ, වෙල්ලන්කන්නි දේවස්ථානය, වයික්කාල, ආනවිලුන්දාව තෙත්බිම සහ මුතුරාජවෙල වගේ බොහෝ ස්ථාන කරා මෙහි සිට පහසුවෙන් ළඟාවෙන්න පුළුවන්.
- සනත් වීරසූරිය