වෙනදා හරියට කසන කොණ්ඩේ
නොමඳ සුවයෙන් තිබෙනු දැනිලා
මොකද කියලා ළංව බැලු සඳ
එකදු උකුණෙක් නොමැත හිස මත
ෂැම්පු ගොඩකට ගෙවන මුදලම
ඉතුරු වේ යැයි මතක් වූවද
මෙලෙස ඇති වූ විපරියාසෙට
හේතු සොයනට ආපි කුතුහල
ජොබට නේනා බවට දන්වා
බොසුට අමතා ෆෝනයෙන්
(තතික දුංධතඃ තරික තෙයියත් තෙයිත තානම් තානෙනා)
සාලෙ මැද්දේ අසුන් පනවා
එමත හිඳගමි පහසුවෙන්
මෙනෙහි කරමින් දුරාතීතය, ඔහේ දුවනා චිත්ත යේ
ජවනිකා පෙළගැසී ඇඳිලා මැකී යන්නේ එසැ යේ
ගුල්ලො ගහලා සිදුරු වී ඇති හීන පිරවූ ගෝනි යේ
හීන රොත්තක් සුසුම් හෙළමින් හිටපු ගෝනිය හැරගි යේ
ගිනි වැදුණු හිස් මුදුන මතුපිට
ඉන්ට විදියක් ඇත්තෙ නැති වග
දැනුනු කල්හී උකුණු පිරිවර
හොයා ගොස් ඇත කූල් ඔළුවක්
දිවට දිව ගා හිටපු ඈයොත්
පැදුර අකුලන් යන්ට යද්දී
සැපට සැප දී තිබුණ දිවියත්
අතැර ගස්සන් වෙන්ව යද්දී
යසට ලේ බී, ඇවිද ඔළුවෙත්
උන්නු උකුණෝ යන්ට යෑමත්
පුදුමයක්යැ?
දයාබර උකුණෝ
උඹලත් ගියාද?
► අනීවාරතේ