නුඹ නැතිව නුඹ ඇවිත්
හිත සිපගත් කාලේ
මම නුඹට කවි ලිව්වෙ
පොත් පිටු පුරා..
නෙත් මත්තෙ හිත තියලා
මම දෙඩුව කාලේ
නුඹ දුටුවෙ නෑ ඒ
මගෙ හිත නුරා..
නුඹ යද්දි ඒ පැත්තෙ,
මම ආවේ මේ පැත්තෙ,
ඒත් , , ,
නුඹ තිබ්බ මල් හාදු
මගෙ හිත පුරා
නුඹටත් හොරා
තව ඇත දරා...
අදටත් දැනේ සුවඳ
හිතටත් ඉතින් මොකද
ඔහු දුන්න උණු කදුළු ඉවසමි දරා..
නුඹෙ සිනහා නිසා...
► ගීතිකා නිසංසලා කිතුලම්පිටිය.