2018 අප්‍රේල් 07 වන සෙනසුරාදා

ෆිෂ් කේක්ස් / පෝච්ඩ් බිත්තර සලාද / චිකන් නිර්මාංශ MILK “Honey Cafe” දැන් මාංශ වෙලා

 2018 අප්‍රේල් 07 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 169

කොළඹ හෝර්ටන් පෙදෙසේ පිහිටලා තියෙන MILK “Honey Cafe”  කියන්නේ මම කවදත් ආසාවෙන් යන එන තැනක්. නමුත් මේ අවන්හල කාලයක් තිස්සේම නිර්මාංශ ආහාර පමණක් පිළිගන්වපු තැනක්. හැබැයි ඔවුන් එතැනින් මිදිලා චිකන්, සීෆුඩ් සහ හෝම් මේඩ් අයිස්ක්‍රීම්වලටත් යොමුවෙලා. මෙතැනදී රස බැලිය යුතුම දෙයක් තමයි එයාලගේ ලෙමනේඩ්. ඔවුන් ලෙමනේඩ් වර්ග දෙකක් පිළිගන්වනවා. රෝස පාටින් යුත් ලෙමනේඩ් එක හදන්නේ කොමඩු සහ ලෙමන් යොදාගෙනයි. කොළ පාට ලෙමනේඩ් එකට පාවිච්චි කරන්නේ මින්ට්, ලෙමන් සහ දෙහි.

මෙතැන තියෙන අලුත් ආහාරයක් තමයි Granola with Mixed Fruits, Yoghurt and Honey or Soy Milk. අපි සෝයා කිරි වෙනුවට යෝගට් සමඟ තමයි මේ ආහාරයේ රස බැලුවේ. හොඳ ලස්සනට තිබුණෙ ඒ ආහාරය ඉතාමත් රසවත්.

ඉන්පස්සෙ අපි යොමුවුණේ ෆිෂ් කේක්ස්, පෝච්ඩ් බිත්තර සහිත සලාදයකටයි. මේ සැලඩ් එක ටිකක් සැර රසක් තියෙන සැලඩ් එකක්. ඒ වගේම ෆිෂ් කේක්ස්වල පොඩි ක්‍රිස්පි ගතියකුත් තිබුණා. ඊට පස්සේ අපි රසවත් විදිහට ඉස්සෝ යොදාගෙන හදලා තිබුණු සැලඩ් එකකුත් ආහාරයට ගත්තා. ඒ ඉස්සන් හරිම මෘදු, ජූසි විදිහට සකස් කරලා තිබුණා. ඉඟුරුත් දාලා තිබුණු නිසා පොඩි සැරකුත් තිබුණා.

අපි අවන්හලෙන් සමුගත්තේ හෝම් මේඩ් අයිස්ක්‍රීම් කිහිපයකත් රස බැලුවායින් පසුවයි. විශේෂයෙන්ම හොඳ පදමට සකස් කරපු චොක්ලට් සහ කැෂූ අයිස්ක්‍රීම් එක වඩාත් මගේ සිත් ගත්තා. 

♦ නටාෂා ප්‍රනාන්දුපුල්ලේ
සේයාරූ - කණිෂ්ක ගනේවත්ත