2018 අප්‍රේල් මස 14 වැනි ශනි දින උදේ 8.13ට රවි ග්‍රහයා තමාට උච්ච රාශි භවන වූ මේෂ රාශියට පිවිසේ. රවි ග්‍රහයා කේතුට අයත් අස්විද නැකතේ සම්පූර්ණවත් සිකුරුට අයත් බෙරණ නැකතේ සම්පූර්ණවත් රවිට අයත් කැති නැකතේ ප්‍රථම පාදයෙන් ද 2018 මැයි මස 15 වැනි කුජ දින පාන්දර 5.04 දක්වාම බලවත් ගමනක යෙදේ.
මෙම තත්ත්වය අප රට කෙරෙහි අවධානය යොමු කිරීමේදී රට වෙනුවෙන් ගන්නා ලද තීන්දුවක් පිළිබඳව මහජනතාව රාජ්‍ය නායකයන්ට, මහජන නියෝජිතයන්ට ප්‍රශංසා කරන වකවානුවකි. සන්නිවේදන/ සාහිත්‍ය ක්ෂේත්‍රයේ නියැලි අයට ඉතා ශුභ ඵල අත්කරදෙන වකවානුවකි. ගුවන් සේවා කටයුතුවල නිරත සේවකයකුට හෝ ප්‍රධානියකුට අපලකාරී වනු ඇත. අධිකරණ තීන්දුවකට මහජන ප්‍රශංසා ඇතිවනු ඇත. පිරිමි දරු උපත් වැඩි වකවානුවකි. රටෙහි යම් යම් ප්‍රතිසංස්කරණ කටයුතු කඩිනමින් ඉටුකිරීමට රජය පියවර ගන්නාවූත් වකවානුවක් වන අතර බන්ධනාගාර ගතකර ඇති රුඳවියන්ගේ සුබසාධනය වෙනුවෙන්ද යම් යම් ක්‍රියාමාර්ග දියත් කරනවා ඇත.
මේෂ - කැපීපෙනේ
ඔබට ඉතා යහපත් ඵල අත්වන අතර අන් අය අතර කැපීපෙනෙන ප්‍රධාන පුද්ගලයකු ලෙසට ඔබව පත්වේ. තරමක් කේන්ති ගති නිතර ඇතිවනු ඇත. සේවා ස්ථානයේ උසස්වීම් බලාපොරොත්තු වූයේ නම් එය ඉෂ්ඨ වනු ඇත.
වෘෂභ - විදේශ ගමන්
ගමන්වලින් තරමක් පීඩාකාරී වකවානුවක් වන අතර ආර්ථික දුෂ්කරතා ගෙනදෙනු ඇත. දුරගමන්, විදේශ ගමන් අපේක්ෂා කළ අයගේ බලාපොරොත්තු ඉෂ්ඨ වනු ඇත.
මිථුන - උදවු උපකාර
ඔබට ඉතා යහපත් ඵල වර්ධනය වන අතර තම හිතමිතුරන්ගෙන් උදව් උපකාර ඔබට ලැබෙනු ඇත. දේශපාලන කටයුතුවල නිරත වී සිටින අයට ඉතා යහපත් වේ. හවුල් කටයුතුවලින්ද ඵල අත්වනු ඇත.
කටක - උසස්වීම්
ඔබටද ඉතා යහපත් වන අතර තම සේවා ස්ථානයේ අන් අය අතර කැපීපෙනෙන තත්ත්වයට පත්වනු ඇත. උසස්වීම් බලාපොරොත්තු වූ අයගේ බලාපොරොත්තු ඉෂ්ඨ වනු ඇත.
සිංහ - බලාපොරොත්තු ඉටුවේ
ඔබටද යහපත් ඵල අත්වන අතර ඔබගේ බලාපොරොත්තු ඒ අයුරින්ම ඉෂ්ඨ කරගත හැකිවනු ඇත. දුරගමන්, විදේශ ගතවීම් බලාපොරොත්තු වූ අයට ද එය ඉෂ්ඨ කරගත හැකිවනු ඇත.
කන්‍යා - තැන්පත් ධනය වැයවේ
ඔබට එතරම් යහපත් ඵල අත්නොවනු ඇත. තම තැන්පත් ධනය වියදම් වන වකවානුවක් වන අතර අනවශ්‍ය අය තමා සමඟ මිතුරැ වීමට පැමිණෙනු ඇත. මෙම වකවානුව තුළ විවාහ යෝජනා ස්ථිර කරගැනීම සුභ නොවනු ඇත.
තුලා - දුරගමන්
හවුල් කටයුතුවල නිරත වී සිටින අයට යහපත් ඵල අත්වන අතර පවුල් දිවියේද සමගිය වර්ධනය වනු ඇත. දුරගමන් යෙදෙනු ඇත.
වෘෂ්චික - ස්ථාන මාරුවක්
ඔබට එතරම් යහපත් නොවන අතර ඔබගේ කටයුතුවලට විවිධ බාධා එල්ලවනු ඇත. සේවා ස්ථානයේ මාරැවීමක් අපේක්ෂා කළ අයගේ බලාපොරොත්තු ඉෂ්ඨ වනු ඇත. හදිසි ශරීර පීඩාවක් ඇතිවිය හැකි බැවින් පරිස්සම් වන්න.
ධනු - වැඩ ප්‍රමාදයි
ඔබට යහපත් ඵල අත්වන අතර විරුද්ධ ලිංගිකයන්ගේ ආකර්ෂණයට ඔබව නතු වේ. යම් යම් කටයුතුවල ප්‍රමාද ගති ඇතිවනු ඇත. හිතමිතුරන්ගේ උදව් ඔබට ලැබෙනු ඇත.
මකර - රැකියාවෙන් ඉහළට
ඔබට ද සුභ ඵල අත්වන අතර උරුම හිමිකම් ලබාගත හැකි වකවානුවකි. රැකියාවේ උසස්වීම් බලාපොරොත්තු වූයේ නම් තම බලාපොරොත්තු ඉෂ්ඨවන අතර අන් අය සමඟ ඇසුර අඩු වන්නාවූත් කාලයක් වේ.
කුම්භ - සිතේ සහනය අඩුයි
සාහිත්‍ය හා ලේඛන කටයුතුවල නිරත වී සිටින අයට යහපත් ඵල ඇතිවන අතර සිතේ සහනය අඩු වන්නාවූත් වකවානුවකි. අවිවාහක අයට යහපත් කාලත්‍රයකු හමුවන්නා වූ කාලයකි.
මීන - ඇස්වල රෝග
ආර්ථික ගැටලු ඇතිවන අතර ඔබගේ උත්සාහයේ තරමට ඵලයක් ලබාගත නොහැකි වන්නාවූත් වකවානුවක් වේ. ඇස්වල රෝගාබාධයක් ඇතිවනු ඇත.
ජ්‍යොතිෂ නන්දන
ප්‍රවීණ ජ්‍යොතිෂවේදී ජ්‍යොතිෂාචාර්ය
රේණුක වික්‍රමසිංහ
සුවනැණ ජ්‍යොතිෂ පර් යේෂණායතනය
ඔලබොඩුව ගෝනපල