අසාමාන්‍ය ශ්වසන ආබාධ තත්ත්වයක පසුවූ බිළිඳියකට ඉතා විශේෂිත වූ ශල්‍යකර්මයක් සිදු කරමින් මවු කුසින් මෙලොවට බිහිවී ජීවත් වීමට වරම් ලබාදුන් සිද්ධියක් පේරාදෙණිය ශීක්ෂණ රෝහලේදී අනාවරණය කරගන්නට හැකිවිය. මෙය පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයෙන් වෛද්‍ය අධ්‍යාපනය හදාරා වෛද්‍යවරුන් ලෙස බිහිවූ සහ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්යවරුන් විශේෂඥ වෛද්‍යවරුන් එක්ව සිදුකළ විශ්වකර්ම වැඩකි.
මෙය ශ්වසන පද්ධතියේ ඇතිව තිබූ ගෙඩියක් (TERATOMA - ටෙරටෝමා තත්ත්වය) සහිතව මවු කුසේ සිටි බිළිඳිය එම තත්ත්වය මත මවු කුසින් බිහිවීම බිළිඳියගේ ජීවිතයට අනතුරක් බව වෛද්‍යවරුන් දැන සිටියහ.
එනිසාම ඔවුහු බිළිඳා මවු කුසින් පිටතට ගැනීම සඳහා ශල්‍යකර්මයක්ද සිදු කිරීමට තීරණය කළහ. පැය දෙකකට ආසන්න කාලයක් ගත වූ ශල්‍යකර්මය සිදුකිරීම සඳහා විශේෂඥ ශල්‍ය වෛද්‍යවරුන්, වෛද්‍යවරියන් ඇතුළු කාර්ය මණ්ඩලයේ රැසක්ම සහාය වූහ.
පනස් දහසකට (50000) එකක් වශයෙන් ඇතිවන ශ්වසන පද්ධතියේ අසාමාන්‍ය රෝගී තත්ත්වය සහිතව බිළිඳා මෙලොව එළිය දුටුවානම් මරණය පවා සිදුවිය හැකි අනතුරුදායක තත්ත්වය පිළිබඳ කල්පනා කළ වෛද්‍ය කණ්ඩායම බිළිඳාත් මවත් බේරාගැනීම සඳහා සිය විශේෂඥ වෛද්‍ය දැනුම උපරිම ලෙස භාවිත කරමින් නවීන තාක්ෂණ වෛද්‍ය උපකරණ යොදාගනිමින් මෙම ශල්‍යකර්මය සිදුකර වෛද්‍ය ක්ෂේත්‍රයට කිසියම් ජයග්‍රහණයක් ද අත්පත් කර දුන්හ.
කණ්ඩායමේ බහුතරයක් පේරාදෙණිය විශව විද්‍යාලයේ වෛද්‍ය පීඨයෙන් මෙරට වෛද්‍ය ක්ෂේත්‍රයට බිහිවූ දක්ෂ වෛද්‍යවරුන් පිරිසකි.
නාරි ප්‍රසව ශල්‍ය වෛද්‍ය විශේෂඥවරුන්, ළමා රෝග විශේෂඥ (ශල්‍ය) වෛද්‍යවරැන්, පේරාදෙණිය වෛද්‍ය පීඨයේ ආචාර්ය මහාචාර්යවරුන්, නිර්වින්දන වෛද්‍ය මහාචාර්යවරුන්, නිර්වින්දන වෛද්‍ය විශේෂඥ ඇතුළු වෛද්‍ය හෙද හෙද කාර්ය මණ්ඩලය මෙම සුවිශේෂී වූ ශල්‍යකර්මයට දායක වූහ. එයින් තවත් බිළිඳියකට මෙලොව ජීවත් වීමට වරම් ලැබිණි.
පේරාදෙණිය ශීක්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අර්ජුන තිලකරත්න මහතාගේ අධීක්ෂණ හා උපදෙස් මත එම රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය ඉමේශ් ප්‍රතාපසිංහ, ප්‍රසව හා නාරි ශල්‍ය වෛද්‍ය විශේෂඥ වෛද්‍ය චතුර රත්නායක, අංශ ප්‍රධානී පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අංශ ප්‍රධානී මහාචාර්ය ළමා රෝග විශේෂඥ මාතුල හෙට්ටිආරච්චි, නිර්වින්දන වෛද්‍ය විශේෂඥ මහාචාර්ය වසන්ති පින්ටෝ, ළමා රෝග විශේෂඥ වෛද්‍ය පැතුම් දිසානායක, නිර්වින්දන වෛද්‍ය විශේෂඥ සමීර වාසල, අනුර අබේසුන්දර, විශේෂඥ ශල්‍ය වෛද්‍ය එස්. බී. ඇතුල්ගම (උගුර, කන් හා නාසය) වෛද්‍ය තාරක චන්ද්‍රසේකර, වෛද්‍ය කපිල හෙට්ටිආරච්චි (පේරාදෙණිය විශේෂිත ළමා රෝහල) රශ්මි හා විකිරණවේදය පිළිබඳ විශේෂඥ වෛද්‍ය ජීවනී උඩුපිහිල්ල යන වෛද්‍යවරු වෛද්‍යවරියෝ පේරාදෙණිය ශීක්ෂණ රෝහල ආරම්භ වී වසර 40කට පසු මෙම සුවිශේෂ වූ ශල්‍යකර්මය සිදු කළහ. එම සැත්කමට භාජනය වූ බිළිඳියත් ඇගේ මව වන බිබිලේ පිටකුඹුර පදිංචි ධම්මිකා ජයසිංහ (අවු. 42) මහත්මියත්, මේ වනවිට පේරාදෙණිය ශීක්ෂණ රෝහලේ මනා සුවයෙන් පසුවෙති.
බිබිලේ පදිංචි මෙම මව ඇගේ තුන්වැනි දරුවා ප්‍රසූත කිරීම සඳහා බිබිල රජයේ රෝහලට ඇතුළත් වූ පසු මව පරික්ෂාවට ලක්කළ එම රෝහලේ විශේෂඥ වෛද්‍යවරැ මෙම මව වැඩිදුර වෛද්‍ය පරීක්ෂණ කටයුතු සඳහා පේරාදෙණිය ශීක්ෂණ රෝහල වෙත මාරු කර යැවූහ.
දරුවා ප්‍රසූත කිරීමට පෙර ගැබිණි මව විශේෂ ස්කෑන් පරීක්ෂණයකට ලක්කළ රෝහලේ වෛද්‍යවරු එහිදී මවගේ කුසේ සිටින බිළිඳියගේ උගුරේ හා කන්, නාසාවල කිසියම් අසාමාන්‍ය තත්ත්වයක් (උගුරේ ගෙඩියක් වැනි) ඇති වී තිබෙන බවට අනාවරණය කරගත්හ.
මෙම මව පේරාදෙණිය රෝහලට එවූ පසු පේරාදෙණිය ශීක්ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් මව දරුවා ප්‍රසූත කිරීමට පෙර තත්ත්වය ස්කෑන් පරීක්ෂණයක් සිදුකර ඇති අතර එම අවස්ථාවේ මවගේ කුස තුළ සිටි බිළිඳියගේ ශ්වසන පද්ධතියේ ගෙඩියක් (ටෙරටෝමා - TEROTOMA) තත්ත්වයක් ඇති බවට හඳුනාගෙන තිබේ.
මෙම බිළිඳා එම තත්ත්වය යටතේ මවු කුසින් බිහි වූයේ නම් ශ්වසනාලයේ ඇති ගෙඩිය හේතුවෙන් බිළිඳා මරණයට පත් වන අසීරු තත්ත්වයක් මතු වූ බවත් එම නිසාම බිළිඳාගේ පෙකණි වැලේ සම්බන්ධය මවු කුසේ තිබියදීම ශල්‍ය කර්මයක් මඟින් බිළිඳාගේ හිස කොටස පිටතට ගත් වෛද්‍යවරුන් පසුව නළයක් මඟින් බිළිඳාගේ ශ්වසනාලයට ඔක්සිජන් වායුව ලබාදීමට පියවර ගත් බවත් පේරාදෙණිය ශීක්ෂණ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය ඉෂාර ප්‍රතාපසිංහ ප්‍රකාශ කළේය.
පේරාදෙණිය ශීක්ෂණ රෝහලේදී මෙම ශල්‍යකර්මය සිදු කළේ ප්‍රථම වරට වුවත් බිළිඳාගේ ජීවිතය බේරාගන්නට වෛද්‍ය කණ්ඩායමට හැකි වූ බවද නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රතාපසිංහ වැඩිදුරත් පැවසීය.
මෙම බිළිඳියගේ බෙල්ලේ තවත් ගෙඩියක් තිබූ බැවින් එයද ශල්‍යකර්මයක් මඟින් ඉවත් කිරීමට වෛද්‍ය කණ්ඩායම කටයුතු යෙදූහ. මේ වනවිට ශල්‍යකර්මයෙන් පසු එම බිළිඳියත් ඇගේ මවත් රෝහලේ විශේෂ ප්‍රතිකාර ඒකකයක විශේෂඥ වෛද්‍යවරුන්ගේ අධීක්ෂණයෙන් ප්‍රතිකාර ලබමින් පසුවෙති. මෙම ශල්‍යකර්මය සඳහා උගුර, කන්, නාසය පිළිබඳව විවිධ රෝගාබාධයන් සම්බන්ධයෙන් විශේෂඥ ශල්‍ය වෛද්‍ය එස්. බී. ඇතුල්ගමගේ ද සහාය වෛද්‍ය කණ්ඩායමට ලැබී තිබේ.
පේරාදෙණිය ශීක්ෂණ රෝහලත්, පේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරනායක විශේෂිත ළමා රෝහලත් එක්ව සිදු කරන ලද මෙම සැත්කම සාර්ථක වීම ටෙරටෝමා තත්ත්වය යැයි අනුමාන කළ හැකි තත්ත්වයකින් මෙළොව එළිය දකින්නට සිටින බිළිඳුන්ට මහත් අස්වැසිල්ලක් වන බවද වෛද්‍යවරු පවසති.
► ජේ. ඒ. එල්. ජයසිංහ
සේයාරූ - තෙල්දෙණියේ චන්දන උඩුවාවල