2018 අප්‍රේල් 13 වන සිකුරාදා

මතක් වෙනකොටත් කටට කෙළ උනන අවන්හල Monsoon

 2018 අප්‍රේල් 13 වන සිකුරාදා, පෙ.ව. 06:00 122

කොළඹ පාක් වීථියේ විවෘත කෙරුණු Monsoon අවන්හල කියන්නේ අග්නි දිග ආසියාතික රටවල් රැසක රස එකට එකතු කරපු තැනක්. ඉන්දුනීසියාව, මැලේසියාව, සිංගප්පූරුව, වියට්නාමය සහ තායිලන්තය වගේ රටවල් වීථි ආහාරවලට ගොඩක් ප්‍රසිද්ධයි. ඉතින් මේ වීථි ආහාර අවන්හලක් ස්වරූපයෙන් පිළිගන්වන එක තමයි මේ අවන්හලේ අරමුණ වෙලා තියෙන්නෙ. අවන්හලට Monsoon (මෝසම) කියන නම යොදාගෙන තියෙන්නේත් අපේ රටට ඊසාන දිග මෝසම එන්නේ අග්නි දිග ආසියාව පැත්තෙන් වන හින්දයි.

මේ අවන්හලේ ගොඩක් ලොකු බීම වර්ග එකතුවක් දකින්න ලැබෙනවා. ඒ අතර කෝපි වර්ග, ජූස් වර්ග වගේම මොහිටෝ වගේ ඒවාත් තියෙනවා. While the Fujian Ball කියන්නේ ඒ වගේ රසවත් පානයක්. ලෙමන්, පැෂන් ෆෘට්, ඉඟුරු. තේ සහ සෝඩා දාලා හදපු, රසවත් පානයක්.

අපි ආහාර ගැනීම පටන්ගත්තේ Sriracha Chicken Wings සහ Crispy Monsoon Rolls වලින්. Sriracha Chicken Wings කියන්නේ චිකන්වලින් හදපු ආහාරයක්. ඒකෙ චිකන් හරි ගාණට රස්නෙට වගේම නියම ස්වීට් රසයකින් තිබුණා. Crispy Monsoon Rolls එකේ අපි බලාපොරොත්තු වුණු ක්‍රිස්පි ගතිය ඒ විදිහටම තිබුණා. ඒක චිකන්, ඉස්සන්, නූඩ්ල්ස් දාලා හදපු රෝල් එකක්. Hoisin BBQ Ribs කියන ඩිෂ් එක අපි ගත්තේ ජැස්මින් රයිස් සමඟයි. ඒක කොච්චර මෙළෙක්ද කියනවා නම් මේ ඩිෂ් එක පෝක් රිබ්ස්වලින් හදපු එකක්. පෝක් රිබ්ස්වලින් මස් වෙන්කරද්දී බෝන් එකෙන් මස් ගැලවිලා එන්නේ කටේ දියවෙන තරම් මෙළෙකින්. ඒක උඩින් ඉහළා තිබුණු ගාලික් චිප්ස්වලින් ඩිෂ් එකට ලස්සනක් වගේ අමුතු රසයකුත් එක්වෙලා තිබුණා.

ඊට අමතරව Thai Steamed Barramundi කියන තායි ආහාරයත්, Daging Goreng Jintan විදිහට නම්කරලා තිබුණු මැලේසියානු ආහාරයත් තවත් ආහාර ගොඩකුත් අපි රසවින්දා. අන්තිමේදී  Kukus Bandung Brownies සහ Sweet Spring Roll කියන අතුරුපස දෙකේත් රස බැලුවා. කොහොම නමුත් මේ අවන්හලට එන කෙනෙක් අනිවාර්යෙන්ම රස බැලිය යුතු අතුරුපස වර්ග දෙකක් විදිහට Tamarind Sorbet සහ Honey and Cinnamon Ice Cream හඳුන්වන්න පුළුවන්. ඒ දෙකේ රස මතක් වෙද්දි දැනටත් කටට කෙළ උනනවා. 

නටාෂා ප්‍රනාන්දුපුල්ලේ
සේයාරූ - කණිෂ්ක ගනේවත්ත

 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00