2018 අප්‍රේල් 15 වන ඉරුදින සෙනසුරුට අයත් උත්‍රපුටුප නැකතේ ගමන් කරන බුධ වක්‍ර ගමනින් මිදී ගුරුට අයත් මීන රාශියෙහි 2018 මැයි 9 වන බුධ දින දක්වාම ගමන් කරයි. අප රට කෙරෙහි අවධානය යොමු කිරීමේදී දූෂිත ක්‍රියාවලට සම්බන්ධ නඩු බහුල වනු ඇත. නීතිය සම්බන්ධ කටයුතු පිළිබඳව මහජනතාවගේ උනන්දුව වර්ධනය වෙන අතර නව නිෂ්පාදන සොයාගැනීමට විවිධ අය ගවේෂණාත්මක කටයුතු සිදුකිරීමට උත්සාහ කෙරේ. මහජන නියෝජිතයකු මහජනතාව රැවටීමකට පත්කළ වංචනික ක්‍රියාවන් අනාවරණය වනු ඇත.
විදේශීය වශයෙන් අවධානය යොමු කිරීමේදී යම් යම් නීති පනත්වල සංශෝධන සිදුවේ. ව්‍යාජ ලේඛන හමුවනු ඇත. අපරාධ හා කඩාකප්පල් ක්‍රියාවල වර්ධනයක් දැකගත හැකිය. මහජනතාව බුද්ධියෙන් තොරව යම් යම් බිහිසුණු ක්‍රියාවන්හි නිරත වන කාලවකවානුවක් වේ.
මේෂ - ස්නායු පීඩා
ඔබට යහපත් ඵල අත්නොවනු ඇත. ඔබගේ කටයුතුවලට විවිධ වූ බාධා ඇතිවේ. පවුල් දිවියේ ද සමගියට බාධා ගෙනදේ. හදිසි ස්නායු පීඩාවක් ගෙනදෙනු ඇත.
වෘෂභ - උදව් උපකාර
අන් අය අතර කැපීපෙනෙන තත්ත්වයට ඔබව පත්වේ. විශාල වශයෙන් මුදල් වියදම් කිරීමේදී පරිස්සම් විය යුතුවේ. හිත මිතුරන්ගෙන් උදව් උපකාර අත්වේ. යම්කිසි නිර්මාණයක නිරත වන අයකු නම් එය කළ හැකිවනු ඇත.
මිථුන - විභාග ජය
තම මතයට අනුව කටයුතු කරන ඔබට කටයුතු රැසක් සාර්ථක කරගත හැකිවනු ඇත. සේවා ස්ථානය ආශ්‍රිතව පැවති ප්‍රශ්න රැසක් මඟහැරීයයි. තරග විභාගවලට ඉදිරිපත් වී සිටින අයට ද යහපත් ජයග්‍රහී වකවානුවකි.
කටක - සිත් අමනාප
වැඩිපුර ඔබ ගැනම සිතා කටයුතු කිරීමට පෙළඹීම නිසා හිතවතුන් ඔබ සමඟ සිත් අමනාපකම් ඇති කරගනු ඇත. ඔබගේ කටයුතුවලට විවිධ පාර්ශවවලින් බාධා සිදුවේ. සිතට යම් යම් දුක්ගැහැට ඇති වනු ඇත.
සිංහ - නව ව්‍යාපාර
අලුතෙන් ව්‍යාපාරික කටයුත්තකට නිරතවීමට ඉතා යහපත් වකවානුවකි. මෙම වකවානුව තුළ විශාල අන්දමෙන් මුදල් යොදවා කටයුතු කිරීම සුදුසු නැත. සාහිත්‍ය කටයුතුවල නිරත වී සිටින අයට යහපත් වේ.
කන්‍යා - ආර්ථික අපහසුතා
පවුල් දිවියේ සමගියට බාධා ඇතිවනු ඇත. හවුල් කටයුතුවල නිරත වී සිටින අයට ශුභ ඵල අත්නොවේ. ආර්ථික අපහසුතා ද තදින් දැනෙනු ඇත.
තුලා - සිතේ සහනය අඩුයි
ඔබගේ කටයුතු සඳහා විවිධ වූ ප්‍රශ්න හා බාධා එල්ල වේ. ශරීර ශක්තියට බාධා ගෙන දෙනු ඇත. සිතේ සහනය අඩු වන වකවානුවකි. ස්නායු ගත පීඩාවක් වැළදේ.
වෘෂ්චික - ප්‍රේමයට හරස් වේ
දියුණුවට බාධා ඇතිවන වකවානුවකි. තම හිත මිතුරන් තමා සමඟ සිත් අමනාපකම් ඇති කරගනු ඇත. ප්‍රේමවන්තයන්ට තම ප්‍රේමයට විවිධ අයගෙන් බාධා ගෙන දෙනු ඇත.
ධනු - සතුටට බාධා
සිතේ සතුටට බාධා ගෙනදෙන වකවානුවක් වන අතර විවිධ වූ ප්‍රශ්න නිසා සියල්ල ඔබට වදයක් වනු ඇත. නව දේපලක් වාහනයක් මිලදී ගැනීමට යහපත් නොවන වකවානුවකි.
මකර - සිත් අමනාපකම්
ලේඛන කටයුතුවල නිරතවී සිටින අයට යහපත් ඵල අත්වනු ඇත. සහෝදර සහෝදරියන් සමඟ සිත් අමනාපකම් ඇතිවේ. සිතේ සහනය අඩු වන අතර කැළඹිලි ගතියකින් යුක්තව කටයුතු කරන වකවානුවකි.
කුම්භ - උගුරේ අමාරු
පවුල් දිවියේ සමගිය පලුදු වන වකවානුවකි. ආර්ථික ගැටලු ඇතිවන අතර තමන් විසින් කරන ලද කටයුතුවලට විවිධ පාර්ශවවලින් බාධා ගෙන දේ. උගුර ආශ්‍රිතව ආබාධයක් ගෙන දෙනු ඇත.
මීන - කලකිරීම් වැඩියි
උත්සාහයෙන් යුක්තව කටයුතු කිරීමට පෙළඹෙන වකවානුවක් වුවද කලකිරීම්වලට පත්වනු ඇත. හවුල් කටයුතුවලට විවිධ අයගෙන් බාධා ගෙනදෙනු ඇත. හෘදය ආශ්‍රිත පීඩාවක් මතුවනු ඇත.
ජ්‍යොතිෂ නන්දන
ප්‍රවීණ ජ්‍යොතිෂවේදී ජ්‍යොතිෂාචාර්ය
රේණුක වික්‍රමසිංහ
සුවනැණ ජ්‍යොතිෂ පර්යේෂණායතනය
ඔලබොඩුව, ගෝනපල