2018 අප්‍රේල් 13 වන සිකුරාදා

කසාදය අපායක් කරන ග්‍රහයෝග

 2018 අප්‍රේල් 13 වන සිකුරාදා, පෙ.ව. 06:00 302

අකුරු කියවන්නට ලියන්නට නුපුළුවන් අය ඕනෑතරම් මියෙනතුරා යුගදිවි සංස්ථාව යහපත් ලෙස ගත කළ බවට සාක්ෂි ඇත. එහෙත් දැන උගත්කම් ඇති ආචාර්ය හා මහාචාර්යවරුන් පවා කෙටිකලකින් ස්වකීය විවාහ දෙදරවා ගත් බවට ද සාක්ෂි එමටය.

යහපත් විවාහයකට දැන උගත්කම් අවශ්‍ය නැත. අයහපත් ග්‍රහ පිහිටීම් වෙතොත් විවාහ ජීවිතයට කන කොකා හඬන්නේය.

විවාහයක් ඉක්මන් වීමට ද එකී ඉක්මන් විවාහය බිඳී යාමට ද ග්‍රහ බලය ඉස්මතු වෙයි.

සෙනසුරු ග්‍රහයා තැන්පත් ස්ථානයෙන් 03 – 07 – 10 යන ස්ථානයක කුජ සිටි විට ජීවිතයේ භද්‍ර යෞවනයේදී විවාහ ජීවිතයට පාත්‍ර වෙයි. නමුත් වෙනත් අයහපත් යෝග ඇතොත් එකී විවාහය කඩාකප්පල් වෙනවාද ඇත.

1991.05.05 වැනි දින දෙට නැකතේ සිව්වන පාදයෙන් උපත ලත් පහත සඳහන් කේන්ද්‍රය හිමි කාන්තාව වයස අවුරුදු 22දී විවාහ ජීවිතයට පා තබා ඇත.

ලග්නයක සෙනසුරු ග්‍රහයාගේ හත්වැන්නේ කුජ ග්‍රහයා තැන්පත්ව සිටීම නිසා ඉක්මන් විවාහයකට ඇයට මඟපෑදී ඇත. ඒ අනුව වයස අවුරුදු 22 දී ඇය හිතුවක්කාරකමට තමාගේ තුන්වන පෙම්වතා සමඟ හදිසියේම විවාහ වූවාය.

ඇයගේ ජන්ම පත්‍රයේ හත්වැන්නේ කුජ ග්‍රහයා නීච වී සිටී. එය විවාහ කඩාකප්පල් යෝගයක් ද වන්නේය.

එපමණක් නොව විවාහ ස්ථානාධිපතියා වන චන්ද්‍රයා හයවැන්නේ තැන්පත් වීමද විවාහ කඩාකප්පල් කිරීමේ යෝගයකි.

යුග දිවිය ඇරඹී මාස කීපයකදී පළමු පෙම්වතකු සමඟ ඇය සයනයක වැළඳගෙන සිටින පින්තූර කීපයක් ඇයගේ නිත්‍යනුකූල සැමියාට මෙන්ම ඔහුගේ පවුලේ ඥාතීන් අතට පත්විය.

දින සති බවට පෙරළින. ගැබිණි කතක් වී සිටියදී ඇයට ඇයගේ විවාහ ජීවිතයට ආයුබෝවන් කියන්නට සිදු විය.

නීති කරදර, ආර්ථික ප්‍රශ්න හමුවේ ඇය අසරණ වූවාය. ගුරු ග්‍රහයා උච්ඡ බලයෙන් විවාහ ස්ථානයේ තැන්පත් වී සිටී. පැවිදි කාරක ග්‍රහයා ගිහිගෙයේ නිවේදක ස්ථානයේ තැන්පත් වීම නිසා ටික දිනකින්ම යුගදිවි මිහිර අපායක් බවට පත් වන්නේය. එයට ද ඇය අද මුහුණ දී සිටී.

ජීවිතය අසරණ වූයේ වත්මන් සමාදජය නිසාද? නැත. සංසාරේ පෙර කළ පාප කර්මයක් නිසාවෙනි. එය පෙන්වා දෙන කැඩපත ජ්‍යොතිෂ විද්‍යාවයි. ඒ නිසා අතරමඟ නොවැටී කතරගම යාමට නම් දැනගෙන යායුතු වාගේම අනාගතය දැකගෙන ජීවන ගමන ගියොත් යාන්තම් ගැලවිය හැකි බව අවබෝධ කරගත යුතුයි.

ගාල්ලේ - අක්මීමණ - තලගල
සුරා ශ්‍රී ගුණවර්ධන

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00