2017 ජනවාරි 21 වන සෙනසුරාදා

සුව නොවන ලෙඩ සුව කරන ග්‍රහ පූජා

 2017 ජනවාරි 21 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 707

 

ඇතැම් අයට වැළඳෙන රෝගාබාධ කොතරම් ප්‍රතිකාර කළත් සුව නොවේ. මුලින් යටපත් වන එම රෝග යළිත් කල් ලැබුණු විට මතුව එයි. මේ නිසා මෙවැනි රෝගීන් තම ජන්ම පත්‍රයද ප්‍රවීණ ජ්‍යොතිෂවේදියකු ලවා පරීක්ෂා කරවාගෙන තමාගේ ග්‍රහයන් හා දශාව සොයා බලා ඒවායේ උද්ගත වී ඇති දොස් දුරලීම සඳහා පැරැණි ජ්‍යොතිෂවේදීන් විසින් පවසා ඇති ප්‍රතිකර්ම කළ යුතු බව පෙන්වා දෙමු.

රවිගේ අපලයට
I.මූනමල්, නෙළුම් මල්, කෙසෙල් ගෙඩි, උක්සකුරු, ධාන්‍ය, බුලත් පුවක් යොදාගෙන රවි ග්‍රහයාට පූජාවක් තබන්න.
II.පෙනෙන තෙක් මානයක ඉඹුල් ගසක් සිටවා එයට සාත්තු කිරීම සහ නිතර ගස ළඟට පැමණ එය ස්පර්ශ කිරීම වැදගත්ය.
III.වැල්මී, එනසාල්, නෙළුම් අල, කොකුම් පොතු, සැවැන්දරා මුල්, සපුමල්, දේවඳුර, කුංකුමප්පු, මනෝසීල යන ඖෂධ මිශ්‍ර ජලය ස්නානය කරන්න.
IV.රවිට අයිති ඊශ්වර දෙවියන් උදෙසා පුද සත්කාර කරන්න.
V.කහපාට වස්ත්‍ර, ගිතෙල්, මුංඇට, උක්සකුරු දන් දෙන්න.
VI.මරණයට කැපවූ සතෙකු නිදහස් කරන්න.

සඳුගේ අපලයට
I.රිදී කාසි, සුදුරෙදි, සුදුබත්, සුදු මල්, ගිතෙල්, පළතුරුවලින් සඳු ග්‍රහයාට පූජාවක් තබන්න.
II.දිඹුල් ගසක් සිටුවා සාත්තු කරන්න. ගස ස්පර්ශ කරන්න.
III.කිරි, දීකිරි, ගිතෙල්, ඇත් දත් හෝ ඇත් හක්ක ගලගා, බෙලිමල්, නෙළුම් අල මිශ්‍ර කරගත් ජලය ස්නානය කරන්න.
IV.සඳුට හිමි දේවතාවා වන මහා බ්‍රහ්මයාට පුද සත්කාර කරන්න.
V.සුදු වස්ත්‍ර, දී කිරි, ගිතෙල් ආදිය සිල් මාතාවන්ට දන් දෙන්න.
VI.පුන් පෝ දිනවල බෝධිපූජා පැවැත්වීම, ජලජ සතුන්ට කෑම දීම වැදගත්ය.

කුජගේ අපලයට
I.තම කාසි, රතුමල්, රතු අරලිය, රතු වස්ත්‍ර, රතුබත්, මුංඇට, තල මිශ්‍ර කිරිබත්, කොලොම් කොළ හා සුවඳ වර්ගවලින් කුජ ග්‍රහයාට පූජාවක් තබන්න.
II.කොලොම් ගසක් සිටුවා එයට සාත්තු කරන්න. ගස ස්පර්ශ කරන්න.
III.රුක්මල්, රත්හඳුන්, සුදුහඳුන්, රත්මල්, බැබිල, ජටාමාංශ, බෙලිමුල්, ඉරිවේරිය, නාමල් රේණු යන මේවා මිශ්‍ර කරගත් ජලයෙන් ස්නානය කරන්න.
IV.කුජට හිමි කතරගම දෙවියන් උදෙසා පුද පූජා සත්කාර කරන්න.
V.රතු වස්ත්‍ර, උක්සකුරු, රතු පරිප්පු, තිරිඟු දන්දීම යහපත් වේ.
VI.වැඩිහිටියන්ට හා කුෂ්ඨ රෝගීන්ට උවටැන් කරන්න.

බුධගේ අපලයට
I.නාමල්, නිල්මල්, රන්, රිදී, කොහොඹ කිරිබත්, මුං කැවිළි, පළතුරු වර්ග 8ක් බුධ ග්‍රහයාට පූජා කිරීමට යොදා ගන්න.
II.කොහොඹ ගසක් සිටුවා සාත්තු කරන්න. ගස ස්පර්ශ කරන්න.
III.මී පැණි, කතුරුමුරුංගා, නාමල් රේණු, සුවඳ කොට්ටන්, ගෝරෝචන හාල් පෙඳ, පොරි යන මේවා ජලයට මුසුකර ස්නානය කරන්න.
IV.බුධට හිමි ශ්‍රී විෂ්ණු දෙවියන්ට පුද සත්කාර කරන්න.
V.උක්හකුරු, කිරිබත්, වස්ත්‍ර, වැඩිහිටියන්ට හා දුගියන්ට දන් දෙන්න.
VI.දහම් ඇසීම යහපත්.

ගුරුගේ අපලයට
I.කහපාට මල්, රන්, මී පැණි, කහමිශ්‍ර කැවිළි, ලුණු, පළතුරු, අශ්ව රූප සමඟ ගුරු ග්‍රහයාට පූජාවක් තබන්න.
II.බෝ ගසක් සිටුවා එයට සාත්තු කරන්න. එය ස්පර්ශ කරන්න.
III.සුදු අඹ, ඉද්ද කොළ, වැල්මී, සමන්පිච්ච මල් ජලයට මුසු කර ඒ ජලය ස්නානය කරන්න.
IV.ගුරුට හිමි ශිව දෙවියන් උදෙසා පුද සත්කාර කරන්න.
V.අටපිරිකර, උක්සකුරු, කහපාට වස්ත්‍ර දන් දෙන්න.
VI.බෝමළු ඇමදීම, ධර්මය ඇසීම, භාවනා කිරීම සුබයි.

සිකුරු අපලයට
I.සුදුමල්, රිදි, විසිතුරු රෙදි, ගිතෙල්, කිරිබත්, කරඳ කොළ, පළතුරු අඩංගු පූජාවක් සිකුරුට තබන්න.
II.කරඳ වෘක්ෂයක් සිටුවා එයට සාත්තු කරන්න. ගස ස්පර්ශ කරන්න.
III.එනසාල්, මනෝසිල හා කුංකුමප්පු යන ඖෂධ ජලයට මුසු කරන්න.
IV.සිකුරුට අයිති පාර්වතී දේවිය උදෙසා පුද සත්කාර කරන්න.
V.කිරිදෙන මවුවරුන්ට ආහාර පාන දන්දීම, සිල්මාතාවන්ට දානමාන දීම, ජලජ සත්වයන්ට කෑම දීම සුබයි.

ප්‍රවීණ ජ්‍යෙතිෂවේදි සමන් කළුආරච්චි

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00