2018 අප්‍රේල් 28 වන සෙනසුරාදා

කට පිස්සු වට්ටන Caramel Pumpkin මී පැණි සහ කැරමල් බීම ක්‍රිස්පි චිකන් දීසි

 2018 අප්‍රේල් 28 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 116

කොළඹ විජේරාම මාවතටත්, වෝඩ් පෙදෙසටත් මායිම්ව පිහිටා තිබෙන Caramel Pumpkin කියන්නේ පසුගිය ජනවාරි මාසයේදී කොළඹට පැමිණි අලුත් අවන්හලක්. සාමාන්‍ය හැඟීමකින් යුතුව අවන්හලට ඇතුළු වුණත් මෙතැන ඇත්තටම මාව පුදුම කරවන්න සමත් වුණා. විශේෂයෙන්ම ගොඩක් හොඳ ඉඩකඩක් එක්ක ආසන ගොඩක් මේ අවන්හලේ තිබුණා. ඒ නිසාම Caramel Pumpkin කියන්නෙ වරු ගණනක් වුණත් හොඳ සැහැල්ලුවෙන් ඉන්න පුළුවන් කැෆේ එකක්.

අපි ආහාර ගැනීම පටන් ගත්තේ The Breakup  සහ Girl Next Door වශයෙන් නම් කරලා තිබුණු රසවත් බීම වර්ග දෙකකින්. Oreos විස්කෝතු දාලා රසට හදලා තිබුණු The Breakup බීමත් මී පැණි සහ කැරමල් සහිත Girl Next Door බීමත් අපිව පිනවන්න සමත් වුණා.

Better than Kayefcee කියන්නේ ක්‍රිස්පි චිකන් දීසියක්. ඒක තනිවම කන්න බැරි තරම් ලොකු දීසියක් බවත් කියන්න ඕනෙමයි.

Ragin Cajun කියන්නෙත් රෝස්ට් චිකන් යොදාගෙන හදන දිවා ආහාරයට වගේම රාත්‍රී ආහාරයටත් ගැලපෙන කෑමක්. අර්තාපල් මාෂ් වගේම සලාදයකුත් මේ දීසියට ඇතුළත්. ඒ නිසා රසයත් ගුණයත් දෙකම තියෙන දීසියක් කියලා හඳුන්වන්න පුළුවන්. ඊට අමතරව චිකන් pot pie, පැස්තා වගේ බටහිර රස රැසක් මෙහිදී අත්විඳින්න පුළුවන්. 

අතුරුපස අතුරින්  Lemon Meringue සහ බ්ලූ බෙරී යහමින් දාලා හදලා තියෙන චීස් කේක් එකත් ගොඩක් රසවත් තේරීමක්.

මේ අවන්හලේ විශේෂත්වයන් ගැන කල්පනා කරද්දී ආහාර දීසිවල ප්‍රමාණය ඇත්තෙන්ම සිත්ගන්නා සුළුයි. නියම ප්‍රමාණයට ආහාර පිළිගන්වනවා. ඒ වගේම ඒ ආහාර සියල්ල හොඳ ප්‍රමිතියකින් යුතුයි. ඒ වගේම රසවත්. කාර්ය මණ්ඩල සාමාජිකයනුත් ගොඩක් මිත්‍රශීලීයි. 

♦ නටාෂා ප්‍රනාන්දුපුල්ලේ 
සේයාරූ - කණිෂ්ක ගනේවත්ත