2017 ජනවාරි 21 වන සෙනසුරාදා

අවුරුදු විසිපහකට පස්සේ කොළඹට ආ තරු පහේ හෝටලේ

 2017 ජනවාරි 21 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 56

කොළඹට අලුත් තරු හෝටලයක් වගේම ලංකාවට අලුත් ජාත්‍යන්තර සංචාරක සන්නාමයකුත් පසුගියදා එකතුවුණා. ඒ කොල්ලුපිටියේ Movenpick හෝටලයයි. අවුරුදු විසිපහකට පස්සේ මුල්වරට කොළඹ විවෘත වුණු තරු පහේ හෝටලය තමයි මේ Movenpick හෝටලය.

16 වැනිදා ආරම්භ වුණු මේ හෝටලය පාලනය වන්නේ ස්විස් කළමනාකාරීත්වයක් යටතේයි. නමුත් මහල් විසි හතරකින් යුත් මේ සුවිසල් හෝටල් ගොඩනැගිල්ලේ හිමිකාරීත්වය දරන්නේ සොෆ්ට්ලොජික් ලෙෂර් සමූහය යි. හෝටලයේ ප්‍රධාන තේමාව තමයි  Vertical Experience like no other.  

Junior Suits, Executive suits හා Presidential suits ඇතුළුව කාමර 219කින් මේ හෝටලය සමන්විතයි. ඒ වගේම හෝටලයේ පිහිනුම් තටාකයත් ජැකූසි තටාකයත් තිබෙන්නේ ඉන්දියන් සාගරය හොඳින් දිස්වෙන ආකාරයට හෝටල් ගොඩනැගිල්ල මුදුනේයි. 

කොළඹ නගරයේ හදවත බඳු තැනක පිහිටලා තියෙන Movenpick හෝටලය විශේෂයෙන්ම ව්‍යාපාරික පන්තියට සේවා සලසනවා. නාගරික කාර්යබහුලත්වය අතරේ කොළඹ නගරයේ සුන්දරත්වය නව මානයකින් දැකගන්නටත් මනසට සැහැල්ලුවක් සුවයක් ලබාගන්නත් මේ හෝටලය හොඳ තේරීමක් වේවි. 

ස්විට්සර්ලන්තයේ සූරිච් නුවර අවන්හලකින් ආරම්භ වුණු Movenpick ජාලය අද වනවිට ලොව පුරා රටවල් 23ක විහිදිලා තියෙන්නේ නාගරික හා රෙසෝට් මාදිලියේ හෝටල් 83ක් සමඟයි. 

♦ සනත් වීරසූරිය 
සේයා රූ - ඉන්දික හඳුවෙල

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00