2017 ජනවාරි 21 වන සෙනසුරාදා

පිස්සු හැදෙන පිට්සා රස බලන්න මෙන්න තැනක් Seafood Veggie Cheese ඔක්කොම

 2017 ජනවාරි 21 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 194

නියම ඉතාලි පිට්සා එකක රස බලන්න හිතාගෙන මම ගොඩවැදුණේ රසවත් පිට්සා වගේම බොහොම ළෙන්ගතු සේවාවකුත් ලබාදෙන තැනකටයි. ඒ තමයි තිඹිරිගස්යාය පෙදෙසේ පිහිටලා තියෙන Giovanni’s. 

මෙතැන පිට්සා එකතුව ඉතාම සරලයි. ඔවුන්ට අවශ්‍යවෙලා තියෙන්නෙත් ඒකයි. Seafood වලට කැමැති කෙනෙක්ට තෝරගන්න තියෙන්නෙ පිට්සා වර්ග දෙකයි. වෙජිටේරියන් අයටත් වෙනම පිට්සා තියෙනවා. ඒ වගේම මගේ ප්‍රියතම පිට්සා වර්ගය වන චීස් පිට්සාත් තියෙනවා. මෙතැන මෙනු එකේ තියෙනවා වර්ග 20ක්. ඒ සියල්ලම ඔබ අවන්හලට ඇතුළුවන තැන කළු ලෑල්ලක ලියලා තියෙනවා. 

මේ පිට්සා ප්‍රමාණයෙන් ගොඩක් ලොකුයි. ඒ වගේම උඩින් තියෙන පිරවුමත් හරිම සාරවත්. ඉතින් ගෙවන ගාණ ගැන කාටවත් දුකක් නම් ඇතිවෙන එකක් නැහැ.  මේ අවන්හලේ උඩතට්ටුව බොහොම සැප පහසුවට හදලා තියෙනවා. 20 දෙනෙක්ට විතර ආසන තියෙනවා. සති අන්තයේ ගෑනු ළමයව එක්ක එන්නත් හොඳ තැනක්. ඒ වගේම අවන්හලට ඇතුළු වෙන තැනත් පුටු කිහිපයක් තියලා එළිමහනේ ඉඳන් පිට්සා රස විඳින්න අවස්ථාව තියෙනවා. මම තෝර ගත්තේ මේ දෙවැනි ආකාරයයි. 

මේ අවන්හල විවෘතව තියෙන්නේ හවස හයේ ඉඳන් රූ 11 විතර වෙනකල් විතරයි. ඒකට හේතුව තමයි දිමුතු ගමගේ කියන මේ අවන්හලේ හිමිකරු නිතරම තමන්ගෙ දරුවොත් එක්ක රැඳී ඉන්න කෙනෙක් වීම. දරුවන්ගේ වැඩ කටයුතු සේරම ඉවර කරලා තමයි දිමුතු හැන්දෑවට අවන්හල විවෘත කරන්නෙ. 

♦ ධනූ (ඩේලි මිරර් ලයිෆ්) 
ඡායාරූප - You’re My Favorite