The Waffle Cafe අවන්හල මුලින්ම ආරම්භ වුණේ ඉකුත් මාර්තු මාසයේදීයි. නමුත් ඔවුන් කලින් සිටි තැන වෙනස් කරලා දැන් අලුතින් කොළඹ 02 පෙරහැර මාවතට ඇවිත්.
මතුපිටින් ක්‍රිස්පි ගතියත් ඇතුළතින් මෘදු බවත් සහිත රසවත් waffles වලට අමතරව සුප් වර්ග, සලාද වර්ග, fries, wedges වගේ ආහාර වර්ග කිහිපයක්ම රස බලන්න පුළුවන්.
අපි මෙදා සැරේ රස බැලුව Sausage with Fried Egg කියන waffle එක සැලඩ් එකකුත් එක්ක පිරිනමන රසවත් වගේම හොඳට බඩපිරෙන කෑමක්. Shanghai Shrimp කියන waffle එක පිළිගැන්වෙන්නේත් සැලඩ් එකක් සමගිනුයි.
කොහොම නමුත් මගේ ප්‍රියතම Liege waffle එයාලගේ මෙනූ එකෙන් ඉවත් කරලා තිබුණා. ඒ වෙනුවට Nutella and Banana සහ Fresh Strawberry Waffle with Ice Cream කියලා අලුත් වර්ග දෙකක් හඳුන්වාදීලා තිබුණා. මෙයින් දෙවැනියට සඳහන් කරපු waffle එක ස්ට්‍රෝබෙරි ගොඩක් සහ සීතල වැනිලා අයිස්ක්‍රීම් එක්ක පිළිගන්වන එකක්. ඒ නිසා ඒක ගොඩක්ම ගැලපෙන්නේ අතුරුපසක් විදිහටයි.
♦ නටාෂා ප්‍රනාන්දුපුල්ලේ
ඡායාරූප - කණිෂ්ක ගනේවත්ත