2018 මැයි 12 වන සෙනසුරාදා

වයින් රාක්ක, කුකීස් බඳුන්, තේ, කෝපි, ශීත බීම Park Street Gourmet

 2018 මැයි 12 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 183

ඉතාම නැවුම් සහ විචිත්‍රවත් ආහාරපාන වර්ග රැසක් එකතු කරගත්තු තැනක් විදිහට Park Street Gourmet ප්‍රසිද්ධියක් උසුලනවා. මේක ඇත්තටම කැෆේ එකක් නෙමේ. විවිධ ආහාරපාන අලෙවියට තියෙන තැනක්. පිහිටලා තියෙන්නේ කොළඹ 02 පාක් වීදියේයි.

මෙතැනදී තේ, කෝපි, විවිධ බෝතල් කළ පාන වර්ග වගේම තවත් රසවත් ආහාර රැසක්ම ඔබට මිලදීගන්න පුළුවන්. විශේෂත්වය තමයි බොහොම සීරුමාරුවෙන් තෝරාගත්තු උසස්ම මට්ටමේ දේශීය සහ ජාත්‍යන්තර සන්නාම රැසක ආහාර ද්‍රව්‍ය මෙතැනදී ගන්න පුළුවන්. 

මෙතැන වටපිටාව ගැනත් විශේෂයෙන් කිව යුතුයි. හොඳට එළිය වැටෙන ඉඩකඩ තියෙන තැනක් විදිහට මෙය හැඳින්විය හැකියි. ඒ නිසාම බොහොම රිලැක්ස් විදිහට තමන්ට කැමැති දෑ හොඳට තෝරලා බලලා මිලදීගන්න පුළුවන්. 
මෙතැනට ඇතුළු වුණු හැටියේම ඔබේ වම්පසින් තිබෙන්නේ විවිධ කුකීස් සහිත බඳුන් පෙළක්. ඒවා ලස්සනට පිළිවෙළට අසුරලා තියෙන ආකාරය දුටුවාමත් කෑමේ රුචිය වැඩිවෙනවා. උසස්ම ප්‍රමිතියේ ආහාර නිසා ඒවායේ රස ගැන නම් ආයෙ කතා කරන්න දෙයක් නෑ.

මෙතැන බීම වර්ග ශීතල, තේ වර්ග සහ වයින් වර්ග විදිහට වෙන්කරලා තියෙනවා. ඔවුන් සතුව ලොකු පරාසයක තේ නිෂ්පාදන තිබෙනවා. ඒවා නම්කර තිබෙන්නේ Teaeli නමිනුයි. ඒ වගේම විවිධ බේකරි නිෂ්පාදනත් තිබෙනවා. Paan Paan අවන්හල විදිහට Park Street Gourmet වෙනුවෙන්ම නිෂ්පාදනය කරන බේකරි ආහාර ඒ අතරින් ප්‍රධානයි. Ferrari Granapadano සහ taliano Mascarpone e Gorgonzzona වගේ උසස්ම චීස් වර්ගත් මෙහිදී ලබාගන්න පුළුවන්. 

මෙතැනට එන කෙනෙක්ගේ ඇහැ ඉබේම ඇදිලා යන තැනක් තමයි වයින් රාක්ක කිහිපය. ලෝකයේ විවිධ කලාපවලට අයත් වයින් වර්ග රැසක් මෙහිදී දැකගන්න පුළුවන්. 

♦ ධනූ
ඡායාරූප -  You’re my favorite

 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00