කොළඹ කින්සි පාරේ පිහිටා තිබෙන Baker’s Choice අවන්හල ආරම්භ වුණේ මේ අවුරුද්දෙදියි. ඉතාම සුහදශීලී කාර්යමණ්ඩලයක් වගේම හොඳ ඇතුළත පරිසරයකුත් මේ අවන්හලේ තිබෙන බව මුලින්ම කිව යුතුයි. මේ අවන්හලේ මූලික වශයෙන්ම යුරෝපීය ආරේ බේකරි නිෂ්පාදනත් ඊට අමතරව රසවත් ස්නැක් වර්ග ආදියත් විවිධ පාන වර්ගත් තිබෙනවා.
අපි වැඩ පටන්ගත්තේ Ruby Harvest කෝපි කෝප්පයක් සහ මැක්වුඩ්ස් තේ කෝප්පයක් රස විඳීමෙනුයි. Date Bar, Ginger and Almond Bar සහ Flapjacks ආදී රසවත් ස්නැක් වර්ග ගොඩක් අපට මෙහිදී දකින්න ලැබුණා.
Flapjacks වල කැරමල් රහ හොඳින් ඉස්මතු වෙද්දී ඒ මත අතුරා තිබුණු චොක්ලට් නිසා විශේෂ රසයක් දැනුණා. රාස්බෙරි දෝසි සහ බටර් සමඟ හදලා තියෙන Sourdough Butter Crossaints කියන්නේ තවත් රසවත් ආහාරයක්.
මෙතැන tarts වර්ග රැසකුත් දකින්න පුළුවන්. මේවා හදලා තියෙන්නේ මාගරින් වෙනුවට බටර් යොදාගෙන නිසා ගොඩක් රසවත්. Chocolate and Banana Tart සහ Chocolate and Orange Tart මේ අතුරින් හොඳ රසවත් තේරීම් දෙකක්.
ඒ වගේම හලුමි චීස්, රෙඩ් බෙල්පෙපර්, වම්බටු, වට්ටක්කා සහ ලූනු යොදාගෙන හදන සලාදයකුත් මෙතැන තියෙනවා. ඒක නම්කරලා තියෙන්නේ Cous Cous Salad නමිනුයි.
මේ අතර චිකන්, අලිගැටපේර, සලාද කොළ, තක්කාලි, රෙඩ් බෙල්පෙපර් සහ මී පැණි දාලා හදලා තියෙන Spiced Chicken සැන්ඩ්විච් එකත් කියන්න බැරි තරම් රසයි.
මෙතැනට එන කෙනෙක්ට Croque Madame සහ Bear Claw කියන ආහාර වර්ග දෙකනම් අනිවාර්යයෙන්ම රස බලන්න කියලයි අපිනම් නිර්දේශ කරන්නෙ. තවත් විශේෂයෙන්ම කිවයුතු දෙයක් තමයි කොළඹ නගරයේ අන් තැනකදී රසවිඳිය නොහැකි තරමේ රස පරාසයක පාන් වර්ග මෙතැනදී රස බලන්න පුළුවන්.
♦ නටාෂා ප්‍රනාන්දුපුල්ලේ
සේයාරූ - කණිෂ්ක ගනේවත්ත