2018 මැයි 26 වන සෙනසුරාදා

දැක්කත් කෙළ උනන නිෂිකාගෙ Indulgent Desserts

 2018 මැයි 26 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 129

නෂිකා පෙරේරා කියන්නේ, Indulgent Desserts පිටුපස ඉන්න රස මැවුම්කාරිනියයි. ඈ ඉතාම රසවත් කේක්, අතුරුපස සහ වෙනත් රසකැවිලි වර්ග සාදන තැනැත්තියක්.

කෑම පිළියෙල කරන එක මට හරිම මානසික තෘප්තියක්. මගේ හිතේ තියෙන බරත් ඒ හරහා සැහැල්ලු වෙනවා. ඉස්සර විභාගවලට මුහුණ දෙන කාලවලදී පවා මම මනස නිදහස් කරගන්නේ කෑම ඉවීම හරහායි.  අද පවසනවා.

ඈ මුලින්ම පවුලේ සාද සහ මිතුරන්ගේ සාද වෙනුවෙන් කේක්, අතුරුපස ආදිය සකස් කළත් පසුව ඈට ඇණවුම් ලැබෙන්න පටන් අරගෙන තියෙනවා.

මම ඇගේ රසකැවිලිවල රස බලන්න පටන් ගත්තේ Scones වලිනුයි. එය ක්‍රීම් සහ ස්ට්‍රෝබෙරි ජෑම් සමඟ පිරිනැමෙන රසවත් කෑමක්. එවැනිම රසවත් ආහාරයක් වන්නේ  Millionaire Short Bread කියන පාන්වලින් තැනූ කෑම විශේයයි. මෙය ස්කොට්ලන්තයට ආවේණික කෑම වර්ගයක්. එහි මිල්ක් චොකලට් තට්ටුවක් යොදලා තියෙනවා. ඊට අමතරව නෂිකා ඒකට උඩින් ඩාක් චොක්ලට් තීරුවක් එක්කරලා තියෙන්නේ රස දෙගුණ තෙගුණ කරමිනුයි. 

කිරි රසයත් කැරමල් රසය හා මෘදු බවත් තියෙන ඈ හදන කිරිටොපිත් ඉතාම රසවත්. මීට අමතරව Love Cakes, Brownies වැනි ආහාරත් තිබෙනවා.

Orange Drizzle Loaf කියන්නේ ඇගේ අතින් සෑදෙන තවත් රසවත් ආහාරයක්. මේක හොඳින් බටර් රසය රැගත් මෘදු කේක් වැනිloaf එකක්. එහි විශේෂත්වය තමයි බටර්. ඒ එන රසය එක්ක හරි ගාණට මුහුවෙච්ච දොඩම් රසය නිසා අමුතුම රසයක් මේකේ අඩංගුයි.

ඇගේ අතින් නිමැවෙන රසවත් කේක් එකක් තමයි Peach Indulgence. Sponge, Peaches සහ Cream cheese තට්ටුවලින් සමන්විත මේ ආහාරය දැක්කමත් කටට කෙළ උනනවා.

♦ නටාෂා ප්‍රනාන්දුපුල්ලේ
    සේයා රූ - කණිෂ්ක ගනේවත්ත

 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00