නයිජෙලා ලෝසන්, ලෝක ප්‍රකට සූපවේදිනියක්. අනූව දශකයේ අග භාගයේ ඉඳන් එංගලන්තයේ රූපවාහිනී වැඩසටහන් රාශියක් ඇය විසින් මෙහෙයවලා තිබෙනවා. ඒ වගේම ඈ සූපවේදයට සම්බන්ධ පොත් කිහිපයකුත් රචනා කළ තැනැත්තියක්. ඒ ඇතැම් පොත්වලට ජාත්‍යන්තර සම්මාන පවා හිමිව තියෙනවා.
නයිජෙලා ගැන අපි කතාකළේ අපේ රටේ ප්‍රධාන පෙළේ හෝටල් ජාලයක් වන සිනමන් හෝටල් ජාලය විසින් නයිජෙලා ලෝසන්ගේ විශේෂ ඉවුම් පිහුම් වැඩසටහන් මාලාවක් සංවිධානය කරලා තිබෙනවා. ඒ අනුව ජුනි 21 සිට 23 දක්වා ලංකාවේ රැඳී සිටිමින් තමන්ටම ආවේණික වූ ඉවුම් පිහුම් රටා රැසක් අපේ රටේ ආහාර ලෝලීන් එක්ක බෙදාගන්න ඈ සූදානම්.
නයිජෙලාගේ විශේෂත්වය වන්නේ නිවසේ සිටින ගෘහිණියන්ට බොහොම පහසුවෙන් ඉක්මනින් සාදාගත හැකි තරුපහේ හෝටල් පන්නයේ ආහාර රටා කියාදීමයි. රූපවාහිනියේ වගේම යූටියුබ් සමාජ ජාලය ඔස්සේත් විකාශනය වන ඇගේ ඉවුම් පිහුම් වැඩසටහන් ලෝකය පුරා මිලියන ගණන් ජනතාව නරඹන්න හුරුවී සිටිනවා. මේ නිසාම නයිජෙලා කියන්නේ අද වනවිට ලෝකයේ ඉන්න ජනප්‍රියම සූපවේදිනියක්.
ඇගේ මෙරට සංචාරය අතරතුරදී සිනමන් හෝටල් කිහිපයකදී ඉවුම් පිහුම් වැඩසටහන් වගේම High Tea, Cocktail වැඩසටහන් වගේම book signing වැඩසටහන්වලටත් ඈ එක්වීමට නියමිතයි.