වෛද්‍ය විද්‍යාව කොතරම් දියුණු වුවද මිත්‍යාවන් පසුපස හඹායන මිනිසුන් තවමත් ජීවත් වෙනවායැයි කිවහොත් නිවැරදිය. අතීතය පිළිබඳ ආපසු හැරී බැලීමේදී යුග ගණනාවක් පසු කරමින් වර්තමානය දක්වා ආ ගමන් මගේ බොහෝ දේ පිළිබඳව අවබෝධය ලබා ගැනීමට නම් කියවීම අත්‍යවශ්‍ය වී ඇත. අතීතයේ ලියැවුණු ග්‍රන්ථයන් වර්තමාන මිනිසා කියවීමෙන් දැනුම වර්ධනය කර ගැනීමට හැකියාවක් පවතී. ආගම දහම මූලික කරගනිමින් ලියැවුණු පොත්පත් අතරින් බෞද්ධයින් පිළිගත් ග්‍රන්ථයක් වන්නේ පන්සිය පනස් ජාතක පොතය. කතෝලික භක්තිකයන් ශුද්ධ වූ බයිබලයට මූලික තැනදී තිබේ. හින්දු භක්තිකයන් භගවත් ගීතාවටද මුස්ලිම් භක්තිකයන් කුරානයටද ප්‍රධාන තැනක් දී ඇත. මෙම ග්‍රන්ථ කියවීමෙන් ආගමික ශාස්තෘෘවරුන් ලබාදුන් දහම කෙසේද යන්න පැහැදිලි කරගත හැකිය.
තම බලය තුළින් රෝගීන් සුව කිරීමට හැකියාව තිබුණා සේම හස්තය තබා මළවුන් පවා නැගිටුවීමට ක්‍රිස්තුස් වහන්සේ ක්‍රියා කළ බව ශුද්ධ වූ බයිබලයේ සඳහන් වේ. අතීතයේදී එසේ වුවද වර්තමානයේදී එවැන්නක් සිදුකිරීමට තරම් හැකියාවක් ඇති අයකු පිළිබඳ මිහිපිටින් සොයාගත නොහැකිය. දෙවියන්ගේ ශක්තිය තම ශරීරයට එන බවට කියමින් ඇතැම් ගිහියන් ජනතාව මුලා කරමින් ලෙඩ රෝග සුවකරන බවට ප්‍රකාශ කරමින් තැරුව්කරුවන් ලවා මුදල් උපයන පිරිස් නම් රටපුරාම සිටිති.
අතීත ගල්යුගයේ මානවයා ගස් ගල් නාගයින් ඉර හඳ සඳහා වැඳුම් පිදුම් සිදුකළද ඔවුන් තමන්ගේ දෙවියන් ලෙස සලකා වැඩි වැඩියෙන් වැඳුම් පිදුම් සිදුකළ අතීත මිනිසාට චිත්ත ශක්තිය අනුව තම මනස දියුණු කරගෙන ලෙඩ ලෙඩ රෝග සුවකර ගැනීමට හැකියාවක් තිබුණද අද වනවිට විද්‍යාවේ දියුණුවත් සමග සියල්ල උඩු යටිකුරු වී ගොසිනි. වර්තමානයේදී යහපත වෙනුවට ඇතැමුන්ගේ හදවත් තුළ ක්‍රියාත්මක වන්නේ අයහපත් සිතිවිලිය. එවන් තත්ත්වයක් තුළ ක්‍රියාත්මක වන්නේද අයහපතය. මෙවැනි තත්ත්වයක් තුළ තම හස්තය තබා රෝගීන් සුව කිරීමට පුළුවන් යැයි කිසිවකු පවසන්නේනම් එය සැබැවින්ම මිත්‍යාවකි.
වර්තමානයේදී බොහෝ පිරිස් විවිධ දෙවියන්ගේ බලවේගයන් තුළින් රෝගීන් සුව කරන බවට ප්‍රචාරය කරන්නේ මුදල් උපයාගැනීමේ පරමාර්ථයෙනි. ඇතැම් අවස්ථාවල තමන්ට සුවය ලැබුණායැයි කිසිවකු පවසන්නේනම් සුවය ලැබූ බව කියන පුද්ගලයා සුව කළා යැයි කියන තැනැත්තාගෙන් යැපෙන්නකු විය හැකිය. කූට ලෙස දෙවියන් විකුණා මුදල් උපයන තැනැත්තන්ට තැරුව්කරුවන් පෝෂණය කිරීමට මුදල් වැය කිරීමෙන් පාඩුවක් නොවන්නේ ප්‍රචාරක කටයුතු ඔවුන් හරහා සිදු කළ හැකි බැවිනි.
ලොවේ සිල්වත් ගුණවත් වෙසින් පෙනී සිටින ඇතැම් පුද්ගලයන්ද සට කපට වෙට්ට පිත්තල කපටිකම්වලින් පිරි පුද්ගලයන් බවට පත්වී සිටිති.
සති කිහිපයක් තිස්සේ රෝගයකින් පෙළෙන සෞම්‍යා තුෂාරි විවිධ ස්ථානවලින් ප්‍රතිකාර ලබාගෙන සුවය නොලැබ සිටියදී රෝගයට ප්‍රතිකාර ගැනීමට චිත්ත ශක්තියෙන් රෝග සුවකරන බව කියන මදුරන්කුලිය ප්‍රදේශයේ පිහිටි දේවාලය වෙත ගමන් කළේ දැඩි විශ්වාසයකිනි. එහිදී විශ්ව ශක්තියෙන් රෝගීන් සුව කරන ආකාරය “වෙදැදුරා” ප්‍රකාශ කිරීමත් සමඟ අපි මවිතයට පත්වීමු. මෙරට වෛද්‍යවරැන්ට කළ නොහැකි දේ තමාට විනාඩි කිහිපයක් තුළ සිදුකිරීමට හැකි බව කීවේ මොලොවට බිහිවූ දෙවි කෙනකු ලෙසිනි. අප සමඟ ගිය රෝගියාට ප්‍රතිකාර කිරීම ආරම්භ කිරීමට දෙවියන් ඉදිරියේ පුද පඬුරු තබන ලෙස ඔහු මුලින්ම පැවසීය.
ඇස් නොපෙනෙන අන්ධයන්ට පවා පෙනීම ලබාදීම සඳහා තමා ලබාගන්නේ රුපියල් 2000 ක මුදලක් බවත් පිරිමියකු ගැහැනියක බවට පත් කිරීමට හැර ඕනෑම දෙයක් කීමට හැකි බවත් ඔහු නොබියව පවසන්නේ ඕනෑම කෙනකු ඉදිරියේ අභියෝගයක් කිරීමට පවා සූදානම් බව කියමිනි. කිසිම ප්‍රතිකාරයක් සඳහා මුදල් නොගන්නා බව කීවද ඔහු වෙනත් ආකාරයකින් මුදල් ලබාගැනීමේ නිරත වන ආකාරය අපට වටහා ගන්නට හැකි විය. හදි හූනියම් යන්ත්‍ර මන්ත්‍ර තොවිල් කිසිවක් පිළිබඳ හෝ විශ්වාස නොකරන බවත් බවත් තම හස්තයේ විශ්ව ශක්තිය ඊට වඩා බලවත් බවත් ඔහු පවසන්නේ මෙරට ජ්‍යෝතිෂවේදීන්ට කපු මහතුන්ට ප්‍රසිද්ධියේ මාධ්‍යයක වුවද අභියෝග කිරීමට හැකි බව කියමිනි.
ඔහුගෙන් සුව වූ බව කියන රෝගීන් කිහිප දෙනකු මුහුණු පොත හරහා ප්‍රසිද්ධියක් ලබාදී තිබිණි. එහි ගිය අපට දැකගැනීමට හැකිවූයේ සුව වූවා යැයි කියන පිරිස ආවතේව කරමින් සිටින ආකාරයයි. විවිධ ආගම්වල දේවරූප ප්‍රතිමාවන් ස්ථාපිත කර ඇති දේවාලයට රෝගියා කැඳවා වෙදැදුරා පැමිණ පොතක නම් සටහන් කරගත් පසුව දේව ප්‍රතිමාව ඉදිරියේ බුලත් සමඟ පඬුරු මුදල් දෙවියන්ට තබන ලෙස පවසන ඔහු මුදල් නොගන්නා බවත් කියයි.
ඉන්පසුව ඔහු රෝගියා ඉදිරිපිටට හස්තය දික්කර බෙල්ල පිම්බෙන සේ ශබ්දයක් පිට කරමින් විනාඩියක් පමණ සිට ලෙඩේ සුවදැයි රෝගියාගෙන් අසයි. සුව නොමැති බව කිවහොත් ඔහු තර්ජනාත්මකව පවසන්නේ “බොරු කියන්න එපා සනීප වී තිබෙනවා” කියාය. ප්‍රතිකාර ලබන්නට යන රෝගියාට සුවය ලැබූ බව පවසන්නේ රෝගියා නොව වෙදැදුරාය. රෝගියාට වූ සුවයක් නැත. සුව නොවන්නේ නම් ගෙදර බන්ධන ඉවත් කිරීමට මුදල් රුපියල් තිස් හතළිස්දාහක් සොයාගන්නා ලෙස කියයි. කවුරුන් කීවත් මෙම වැඩපිළිවෙල නොනවත්වන බවත් මේ වෙදැදුරු කියයි. “මගේ බලය මේ රටේ තිබෙන ලොකුම බලයයි. මට ඕනෑම කෙනකුව ගල් කරන්නත් පුළුවන්” යැයිද කියයි.
මේ පිළිබඳ පුත්තලම සාන්ත මරියා දේවස්ථානයේ මීසම් පාලක (බී.එස්.සී., එල්.පී.එච්.) මනෝවිද්‍යා පිළිබඳ උපාධිය හිමි පයස් කෙනඩි පියතුමා දැක්වූ අදහස මෙසේය.
“බුද්ධියක් නොමැති අයට ඕනෑම බොරුවක් විකිණීම පහසුයි. ඒකට හේතුව ඔහුට බෑ මේ පිළිබඳව තර්කයක් ගොඩනගන්නට බොහෝ දෙනෙකුට විග්‍රහ කරලා විශ්ලේෂණය කිරීමේ හැකියාවක් නැහැ. ඒ නිසා ඉක්මනින්ම කටකථාවලට අහුවෙනවා. විග්‍රහ කරන්න බැරිවුණාම කටකතා පිළිගැනීම වැඩියි. අරයා කිව්වා මෙයා කිව්වා කියා ඉක්මනින්ම පිළිගැනීමක් කරනවා. කටකතාව කියන දේ තමයි වර්ධනයවෙන්නේ මිනිස්සුන්ගෙ ඔලුවට කටකතාව විකිණීමේ හැකියාව වැඩියි. ඕනෑම ද්‍රව්‍යයක් කට කතාවෙන් පහසුවෙන් ප්‍රචාරය පුළුවන් විග්‍රහ කිරීමට හැකියාවක් තිබුණා නම් ඒ ඒ අය ඒකට අහුවෙන්නෙ නෑ.
අනික තමයි අපි දකින දේ මනසින් විග්‍රහ කරගන්න හැකියාවක් නැතිකම අරක සිද්ධවුණා මේක සිද්ධවුණා කියලා පෙන්නන්න පුළුවන්. හැබැයි ඒ පෙන්නපු දේ උනත් විග්‍රහ කරගන්න හරි දැක්මක් තියෙන්න ඕන. යමක් හරිද වැරදිද කියලා තෝරගන්න එක ක්‍රියාකාරකමක් කරන්නට ඕන සමහර අයට ඒක කරන්නටත් හැකියාවක් නැහැ. අපි අවසානයේදී තීරණය ගන්නේ අනුන්ගේ කටකතා හෝ අපි අහන දේ අනුව යම්කිසි කෙනෙකුට චිත්ත බලයෙන් යමක් කරන්නට පුළුවන් නම් ඔහු කෝටිපතියෙක් වෙන්න ඕන. ඔහුට චිත්ත බලය යොදවලා ඒ තත්ත්වයට පත්වීමට හැකියාවක් තියෙන්න ඕනා. ඒ තුළින් මිස රටේ ඉන්න දුගී දුප්පත් අසරණයින්ට පිහිට වෙන්නටත් ඔහුට හැකියාවක් තියෙන්න පුළුවන්.
තම බලය පාවිච්චි කරලා කිසිම කෙනෙකු කෝටිපතියෙක් බවට පත්වෙලා නැහැ. ඔහු හැමතිස්සෙම කියන්නේ ඔහුගේ බලය තවත් කෙනකුට දෙන්න පුළුවන් කියලා. ඒක තමයි ලොකුම බොරුව. ඔහුගේ චිත්ත බලය හරි විශ්ව බලය හරි පාවිච්චි කරලා ඔහු දියුණු වුණයි කියලා පොතකවත් නැහැ එවැනි අය හැමතිස්සෙම කියන්නේ අනිත් අයට දෙන්න කියලා තමන් ගාව නැති දෙයක් කොහොමද අනිත් අයට දෙන්න කියන එක තමයි ඊළඟ ප්‍රශ්නේ. අපි තර්කයක් කරන මනුෂ්‍යයෙකුට ඉස්සල්ලම ඔහු දියුණු වෙලා පෙන්නන්නට ඕන.
දැන් ඔය චිත්ත බලයෙන් රෝග සුවකරන අයගේ පවුලේ කිසිම කෙනෙක් රෝහලකට ගිහින් බෙහෙත් ටිකක් ගන්නෙ නැද්ද? ඔහුගේ දරුවෝ රෝහලට යන්නේ නැද්ද? ඔහුගේ චිත්ත බලය තමන්ගේ ගෙදර උදවියට පාවිච්චි කරන්නට බැරිනම් අනිත් අයට ලබාදෙන්නේ කොහොමද? මෙවැනි කතා බොරුවක් කියන එක බොහොම පැහැදිලිවම සිතන්නට ඕනා කාරණාවක්. සමහර දේවාලවල පල්ලිවල ප්‍රතිමාවලින් කඳුළු ගලනවා කියනවා. ඒකෙ විද්‍යාත්මක ඇත්තක් නැහැ. යමක් ඔප්පු කරන්න විද්‍යාත්මක පරික්ෂණයක් කරන්න ඕනා.”
වෙදදුරාගේ වෛද්‍ය ක්‍රමය පිළිබඳ අදහස් දැක්වූ එන්.ඩී. චන්ද්‍රපාල
හරියට මිනිස්සු රවටලා මුදල් අරගෙන තිබෙන හොරෙක් කියලා තමයි දැන ගත්තෙ. එතකොට අපිත් අහුවෙලා ඉවරයි. මේ වෙදා විනාඩියක් විතර හුස්ම නොගෙන ශබ්දයක් දානවා අහල පහළ ඉන්න බැහැ දුගඳ. එක පැත්තකින් වාතය තදකර ගෙන එක පැත්තකින් වාතය එළියට යනවා. මගේ නෝනගේ අසනීපයට මේ දේවාලෙට ගියා කහවතුර දුන්නා බොන්න, පැදුරක නිදිකරලා පොල් ගෙඩියක් තියලා බඩ බස්සන්න හැදුවා. මුහුදු වැලි අතට දීලා අල්ලාගෙන ඉන්න කීවා. මුහුදු වැලිවල සිටුවා තිබ්බා සේරම කරලා හොඳද කියලා ඇහුවා. නෝනා නැහැ කීවා. වෙදාට යකා නැග්ගා. අපිට එරෙව්වා. ගෙදරට හූනියම් කරලා කිව්වා. ඒක අයින් කරන්න 35000 ඕනා කිව්වා බඩු ලයිස්තුවක්. බඩුවලට නම් රුපියල් 1000 යන්නේ නැහැ. වෙදාගෙ ගාන බොහොම සැරයි. මටත් තරැ පෙනුණා මම මේකා ගැන සෙව්වහම ආරංචිවුණා ගංජා කාරයෙක් කියලා. පට්ට හොරු මහජනතාව රවටනවා. නෝනට කහවතුර දීලා අන්තිමට නැවතුණේ පුත්තලම මූලික රෝහලේ.
► රෝවන් පෙරේරා - පුත්තලම