ඡායාරූප දැක්ම 15-16 දිනවල
ජාතික ඡායාරූප කලා සංගමය ඉදිරිපත් කරන වාර්ෂික ඡායාරූප ප්‍රදර්ශනය ජූනි 15,16 සහ 17 දිනවලදී කොළඹ හෝර්ටන් පෙදෙස ජේ.ඩී.ඒ. පෙරේරා ශාලාවේදී පැවැත්වීමට නියමිතයි. 42වැනි වරට පැවැත්වෙන මේ ප්‍රදර්ශනයේදී ප්‍රවීණ සහ ආධුනික ශිල්පීන් රැසකගේ ඡායාරූප කෘතීන් දැකිය හැකියි.
Beauty and The Beast 16 වැනිදා
අපේ රටේ අංගවිකල තත්ත්වයට පත්වුණු දරුවන්ට ආධාර කිරීමේ අරමුණින් එක්සත් ජනපදයේ ඇට්ලන්ටාහි නාට්‍ය පිරිසක් විසින් රඟ දක්වන Beauty and The Beast නාට්‍යය ජූනි 16 වැනිදා සවස 6.30 BMICH හිදී වේදිකාගත වෙනවා.