2018 ජුනි 09 වන සෙනසුරාදා

තිස්ස-කතරගම පාරේ එකම තරු හතරේ නවාතැන Chaaryra Resort and Spa

 2018 ජුනි 09 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 240

අපේ රටේ දකුණු ප්‍රදේශය කාලයක් තිස්සේම ප්‍රසිද්ධ සංචාරක ගමනාන්තයක්. ඒ අතුරිනුත් කතරගම, තිස්සමහාරාමය, යාල කියන්නේ රුහුණු සංචාරක පුරවරයේ මර්මස්ථාන කිව්වොත් නිවැරදියි. කතරගම සහ යාල යන මාර්ගයේදී හමුවන තිස්සමහාරාමයත් සංචාරකයන් නිතර ගැවසෙන තැනක්.

තිස්ස-කතරගම ප්‍රධාන මාර්ගයට මුහුණලා තිස්ස මහා සෑයට නුදුරින් පිහිටා තිබෙන Chaaryra Resort and Spa by Chandrika කියන්නේ මේ පරිසරයට හොඳින්ම ගැලපෙන සුන්දර නවාතැනක්. 

මුලදී චන්ද්‍රිකා හෝටලය ලෙස හැඳින්වුණු මේ හෝටලය 2018 මාර්තු මාසයේදී Chaaryra Resort and Spa ලෙස නැවත නම් කරනු ලැබුවේ පූර්ණ අලුත්වැඩියාවකින් අනතුරුවයි. ප්‍රදේශයේ පවතින එකම තරු හතරේ හෝටලය වන්නේත් එයයි. ස්පා පහසුකම්, ව්‍යායාම මධ්‍යස්ථාන, මැණික් හා ආභරණ සාප්පු සහ නවීන පන්නයේ පිහිනුම් තටාකයක් මේ හෝටලට අලුතින් එකතු වූ අංග වෙනවා. ඒ වගේම අලුත්වැඩියා කිරීමේ වැඩසටහන යටතේ සියලු කාමර, පොදු අවකාශ සහ අවන්හල් ද නවීකරණය කරනු ලැබ තිබෙනවා. 

විශාල ඉඩ පහසුකම් සහිතව මෙහි කාමර නිර්මාණය කර තිබීමත් යාබද නාන කාමර පිහිටුවා තිබීමත් නිසා මෙහිදී පවුල් වශයෙන් සංචාරයේ යෙදෙන්නන්ට වැඩි පහසුවක් අත්විඳීමට පුළුවන්. 

හෝටලයේ මුළු කාමර සහ ෂැලේ සංඛ්‍යාව 55ක්. ඒවායේ වායු සමනයකීරීම, LCD TV, චන්ද්‍රිකා රූපවාහිනී නාලිකා, මිනි බාර්, සේප්පු, දුරකථන, IDD පහසුකම්, උණුසුම් සහ ශීත ජලය, බාත් ටබ්, තේ සහ කෝපි සෑදීමේ පහසුකම්, වයි ෆයි, බැල්කනි, 24 පැයේ කාමර සේවාව ආදී බොහෝ පහසුකම් අඩංගුයි.

මේ හෝටල් පරිසරයත් හරිත පැහැයෙන් ගැවසීගත් මනරම් භූමි භාගයක්. එහි නිරන්තයෙන්ම ඒකදේශික සහ සංක්‍රමණික කුරුල්ලන් සැරිසරනවා. මේ නිසා නාගරික කඨෝරත්වයෙන් බැහැර වීම අපේක්ෂා කරන සංචාරකයන්ටත් මෙතැන කදිම තේරීමක්. හෝටලයේ ඇති සම්බාහන ඒකකයෙන් ආයුර්වේද ප්‍රතිකාරයක් ලබාගනිමින් වගේම පිහිනුම් තටාකයේත් ජැකූසි තටාකයේත් බැස හිඳිමින් ගතට ප්‍රබෝධජනක සුවයක් අත්විඳීමේ අවස්ථාවත් හිමිවෙනවා. 

පහුගිය කාලය පුරාවටම මේ හෝටලය බොහෝ විට විදෙස් සංචාරකයන් ‍වෙනුවෙන්ම සේවා සපයන තැනක් ලෙස ප්‍රසිද්ධියට පත්ව තිබුණත් නවීකරණය කිරීමෙන් පසුව දේශීය සංචාරකයන් කෙරෙහිත් ඔවුන්ගේ වැඩි අවධානයක් යොමුවී තිබෙනවා.

මෙහි ආහාරපාන ගැන කතාකිරීමේදී දේශීය වගේම විදෙස් ආහාරපානත් එක සමාන රසයකින් යුතුව පිළිගන්වනවා. 
හෝටලය පිහිටා තිබෙන්නේ ලොව වැඩිම දිවි ඝනත්වයක් ඇති වනාන්තරය වන යාල වනෝද්‍යානයේ සිට කිලෝමීටර 30ක දුරිනුයි. ඊට අමතරව බූන්දල, ලුණුගම්වෙහෙර, හඳපානාගොඩ, කිරිමැටියන සහ උඩවලව කරාත් බොහොම පහසුවෙන් ළඟාවිය හැකියි. 

♦  සනත් වීරසූරිය

 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00