කොළඹ කින්ස්බරි හෝටලය සිංගප්පූරුවේ ce LA VI සංචාරක මධ හා එක්ව පසුගියදා අපූරු කොක්ටේල් සංදර්ශනයක් ඉදිරිපත් කිරීමට කටයුතු කර තිබුණා. ඒ සඳහා ce LA VI හි ප්‍රධාන කොක්ටේස් ශිල්පී ඩින් හසන් ද එක්ව සිටියා. සිංගප්පූරුවේ රාත්‍රී සංචාරක ක්ෂේත්‍රය තුළ විශාල පළපුරුද්දක් ඇති ඩින් හසන් මෙහිදී ආසියානු ආරේ කොක්ටේල් පාන වර්ග රැසක් ප්‍රදර්ශනාත්මක අයුරින් නිර්මාණය කරනු ලැබුවා.
මේ අතර සිංගප්පූරුවේ වැනි උසස් තත්ත්වයේ රාත්‍රී සංචාරක වටපිටාවක් නිර්මාණය කරමින් කොළඹ නගරයටත් ce LA VI පැමිණීමට නියමිතයි. ඒ සමඟ මෙය කොළඹ රාත්‍රී සංචාරක අවකාශයට මුසුවන පළමු ජාත්‍යන්තර අත්දැකීම බවට පත්වනු ඇති.
ආසියානු දේශගුණයට හොඳින් ගැලපෙන, ඒ වගේම දේශීය අමුද්‍රව්‍ය යොදාගෙන නිර්මාණය කරන ලද කොක්ටේල් වර්ග රැසක්ම එම අවස්ථාවට සහභාගී වී සිටි ආරාධිතයන්ට ඩින් පිළිගැන්වූවා. ce LA VI Cosmopolitan, Singapore Sling, Colombo Breeze සහ Spiced Cup ආදී අති විශේෂ ඔවුන්ටම ආවේණික කොක්ටේල් වර්ග කිහිපයකුත් දැකගන්න ලැබුණා.