2018 ජුනි 23 වන සෙනසුරාදා

ජොවැන්කාගේ රස වෑහෙන අලුත් මෙනු එක

 2018 ජුනි 23 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 120

යන්තම් ග්‍රිල් ඉස්සො, චිලිමායො, පිපිඤ්ඤා, චීස්, චට්නි, දාලා හදන කටගැස්ම 8ක්ජො වැන්කා ජයවීර කියන්නේ හැමවෙලාවකදීම මගේ රස නහරවලට හොඳින්ම ගැලපෙන ආහාර සකස් කළ කෙනෙක්. මෑතකදී ඇය තමන්ගේ මෙනුපතට අලුත් ආහාර වර්ග කිහිපයක්ම එකතු කරලා තිබුණා. ඒ සමඟම දැන් ඇගේ ආහාර එකතුවට ස්ටාර්ටර්ස්, ප්‍රධාන ආහාරවේල්, අතුරුපස වගේම රසවත් බීම වර්ග කිහිපයකුත් එකතුවෙලා. 

අපි ඇගේ ආහාර රස විඳීම පටන්ගත්තේ Appetizer Platter එකෙනුයි. Prawn on toast with Chilli Mayo, Cucumber and Cream Cheese with Chuntney, Bacon Smokies, Egg Boats, Liver Pate on Crackers, Smoked Salmon with Cream Cheese, Cheese and Olive Kebabs with Cheery Tomatoes and Strawberries and Grapes with a Chocolate Dip ආදී වශයෙන් විවිධ සරල කටගැස්මවල් ජාති අටක් ඊට ඇතුළත්. විශේෂයෙන්ම පිපිඤ්ඤා, චීස් සහ චට්නි යොදාගෙන හදලා තියෙන මේ කටගැස්ම හුඟක් රසවත්. යන්තම් ග්‍රිල් කරපු ඉස්සන් සහ චිලි මායෝවල මුහුවටත් අපි ගොඩක් ආසා කළා. 

ඊළඟට ප්‍රධාන ආහාරවේල විදිහට අපි තෝරගත්තේ සුදුලූනු රස යහමින් තියෙන නැවුම් පාස්ලි කොළවලින් සරසපු Chilli Garlic Prawns කියන ආහාර දීසියයි. දොඩම් යුෂ පිරුණු බඳුනක බහාලූ චිකන් සහිත Sweet Chilli Orange Chicken කියන්නේත් බොහොම රසවත් තෝරාගැනීමක්. හරි ගාණට කුළුබඩු, විශේෂයෙන්ම ගම්මිරිස්, දොඩම් කැබලි යොදාගෙන තියෙන නිසා වෙනස්ම රසයක් ඒකෙන් දැනුණා. Mushroom and Potato Pie කියන්නේ නිර්මාංශික අය වෙනුවෙන් ජොවැන්කා ඉදිරිපත් කරන රසවත් දීසියක්. 

Silky Chocolate Mousse තමයි ප්‍රධාන ආහාරවලින් පසුව අපි රස බලපු අතුරුපස වර්ගය. මේක ඇත්තටම චොක්ලට් මූස් එකක්. වීදුරුවල දාලා පිළිගන්වන මේ මූස්වල ක්‍රීම් ගතියත් චොක්ලට් රසත් හොඳට තියෙනවා. ඒ වගේම එක වීදුරැවක් දෙන්නෙක්ට වුණත් ප්‍රමාණවත්. ඊට පස්සේ Chocolate Meringue Bomb නමින් ඇය හඳුන්වන අතුරුපස එක කිසල්ස්, චොක්ලට් සෝස් සහ ස්ට්‍රෝබෙරි යොදාගෙන හදපු දිව පිනවන ආහාරයක්. 

♦ නටාෂා ප්‍රනාන්දුපුල්ලේ
සේයාරූ - කණිෂ්ක ගනේවත්ත

 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00