2018 ජුනි 23 වන සෙනසුරාදා

මහවැලි ගංතෙර සුපිරි නවාතැන Mahaweli Reach

 2018 ජුනි 23 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 276

අතීතයේදී මහනුවර කියන්නේ දිනක් දෙකක් සඳහා පමණක් සංචාරකයන් ඇදෙන ගමනාන්තයක් වුණත් අද වනවිට ඒ තත්ත්වය ගොඩක් වෙනස් වෙලා. දින කිහිපයක් සුඛෝපභෝගීව ගතකිරීමේ අරමුණ ඇති සංචාරකයනුත් වර්තමානයේදී මහනුවරට ගමන් කරනවා. මහවැලි ගඟ අසබඩ පිහිටා තියෙන මහවැලි රීච් හෝටලය කියන්නේ මහනුවර අතීත ප්‍රෞඪත්වයට නවීන සුඛෝපභෝගීත්වය කදිමට මුහු කරපු තැනක්. මීට වසර ගණනාවකට ඉහතදී මහනුවර පළමු තරුපහේ හෝටලය බවට පත්වුණු මහවැලි රීච් හෝටලය මෑතකදී තවත් විශේෂ සහතිකයක් හිමිකරගත්තා. ඒ තමයි ලංකාවේ පළමු කාබන් සංවේදී, ජල සංවේදී සහ අපද්‍රව්‍ය සංවේදී හෝටලය ලෙස හිමිවුණු සහතිකය. 

මහවැලි රීච් හෝටලයේ ප්‍රධාන අවන්හල උයන නමින් හැඳින්වෙනවා. එතැනදී උඩරට සම්ප්‍රදායට ආවේණික ආහාර වගේම ඉන්දියානු, තායි, අරාබි, මොන්ගෝලියානු, යුරෝපීය සහ චීන ආහාර රස විඳින්න පුළුවන්. මේ අතර මහවැලි නදියේ සිරි අසිරිය විඳගනිමින්ම ආහාර ගැනීම සඳහා ගඟුල ටෙරස් නමින් විශේෂ කොටසකුත් දැන් ඉදිකරලා තියෙනවා. 

මහවැලි නදියේත් අලංකාර ගෙඋයනේත් දර්ශනය රැගත් කාමර 112ක් මේ හෝටලයේ පවතිනවා. ඊට presidential suite එකක් සහ executive suites තුනක් ඇතුළත්. ඊට අමතරව සෑම කාමරයකම IDD සහිත දුරකථන, කේබල් ටීවී, සංගීතය, මිනි බාර්, සේප්පු, පෞද්ගලික බැල්කනියක්, 24 පැයේ කාමර සේවාව, තේ සහ කෝපි සෑදීමේ පහසුකම් ආදී බොහොමයක් දෑ අඩංගුයි. 

හෝටලයට ඉතාම මෑතකදී එක්වුණු නවාංගයක් තමයි ආයුර්වේද සම්බාහනය. Spa Ceylon මගින් මෙහෙයවන මේ ස්පා එක මගින් මනසටත් ගතටත් ලොකු සුවයක් ලබාගත හැකිවෙනවා. මේවාට අමතරව දැවැන්ත පිහිනුම් තටාකයක්, බිලියඩ් පුවරු, නවීන ව්‍යායාම් මධ්‍යස්ථානයක් ආදී පහසුකම් රැසක් හෝටලය සතුයි. 

මහවැලි රීච් හෝටලය පිහිටා තිබෙන්නේ මහනුවර නගර මධ්‍යයට ඉතාම ආසන්නයේයි. ඒ නිසා මේ හෝටලයේ නැවතී ඉන්න ඔබට හැන්දෑ වරුවට දළදා මාලිගය දෙසට යන්නත් වැව රවුමේ පොඩ්ඩක් ඇවිදින්න යන්නත් හැකියාව තියෙනවා. 

ඒ වගේම මහනුවර අවට ප්‍රදේශවල විවිධ චාරිකා වුණත් හෝටලය ලවා සංවිධානය කරගන්න පුළුවන්. විශේෂයෙන්ම අලගල්ල, බතලේගල වැනි කඳු නඟින්න යන්නත් පුළුවන්. ඒ වගේම උද්භිද උද්‍යානය, ගනෝනෝරුව කෘෂි උද්‍යානය, ගඩලාදෙණිය, ලංකාතිලකය, ඇම්බැක්කේ, ගිරාගම තේ කම්හල හා කෞතුකාගාරය, දෙවැනි ලෝක යුද සමයට අයත් සොහොන් පිටිය, උඩවත්ත කැලේ, හන්තාන වගේ අවට බොහෝ තැන්වලට යන්න පුළුවන්. 

♦ සනත් වීරසූරිය