ළඟදි දවසක අපි ක්‍රෙස්කැට් එකට ගොඩවුණු වෙලාවක Roots හොයාගෙන ගියේ එයාලා ළඟ තියෙන අලුත්ම ජෙලාටෝ අයිස්ක්‍රීම් රස වර්ග මොනවද කියලා හොයලා බලන්නයි. ජෙලාටෝ කියන්නේ සාමාන්‍ය අයිස්ක්‍රීම්වලට වඩා වෙනස් ක්‍රීම් භාවිතා කරපු ඉතාලි ආරේ අයිස්ක්‍රීම් වර්ගයක්. ඉතාම නැවුම් ඒ වගේම උසස් අමුද්‍රව්‍ය යොදලා හදලා තියෙන මේ අයිස්ක්‍රීම් කොළඹදී රහ බලන්න පුළුවන් ඉතාමත් හොඳ තත්ත්වයේ අයිස්ක්‍රීම් එකතුවක් විදිහට Roots හඳුන්වන්න පුළුවන්. ක්‍රෙස්කැට් ෆුඩ් කෝට් එකේ මේ අයිස්ක්‍රීම් පාලර් එක පිහිටලා තියෙන්නෙ එයාලගේ ජූස් බාර් එක තියෙන තැනමයි.
අපි ඉස්ඉස්සෙල්ලාම තෝරගත්තේ Chocolate Biscuit Pudding Gelato in collaboration with Bellissima නමින් හඳුන්වලා තිබුණු අයිස්ක්‍රීම් එකකුයි. ක්‍රීමි බවින් යුත් අයිස්ක්‍රීම් හොඳ ගාණට දාලා තිබුණේ මේක ඇත්තටම බිස්කට් පුඩිමක්. මෙතැනට යන එන අය අතර තවත් ජනප්‍රියම අයිස්ක්‍රීම් වර්ගයක් තමයි Salted Butter Caramel Gelato. බටර්, ලුණු සහ සීනි රස ගාණට දාලා හදලා තිබුණු අයිස්ක්‍රීම් එකක් විදිහට ඒක හඳුන්වන්න පුළුවන්.
හේසල්නට් වගේම හේසල්නට් සෝස් මැදට දාලා පිළිගන්වපු Hazelnut Gelato කියන්නෙ තවත් රසවත් අයිස්ක්‍රීම් තේරීමක්. Oreo විස්කෝතුවක් මැදට දාලා පිළිගන්වපු Oreo Gelato අයිස්ක්‍රීම් එක මේ රස එකතුවට හොඳ වෙනසක් එකතු කළා. ඒවා පිළිගැන්වෙන්නේ වැනිලා අයිස්ක්‍රම් එක්කයි.
Tropical Delight Sorbet සහ Red Berry Sorbet කියන්නේ මෙතැනදී දකින්න පුළුවන් තවත් රසවත් අතුරුපස වර්ග දෙකක්. Tropical Delight Sorbet සඳහා අඹ, නාරං, අන්නාසි වගේ සේවල් යොදාගනිද්දි Red Berry Sorbet එකට බ්ලූ බෙරි, රාස්බෙරි ආදිය එකතු කරනවා. මේ දෙකම ගොඩක් ක්‍රීම් ගතියෙන් යුක්තයි.
♦ නටාෂා ප්‍රනාන්දුපුල්ලේ
සේයාරූ - කණිෂ්ක ගනේවත්ත