මේරියන්ස් 30 ජුබිලිය
ලංකාවේ ඉන්න දක්ෂ සහ ජනප්‍රිය සංගීත කණ්ඩායමක් වන මේරියන්ස් තමන්ගේ තිස් වැනි උපන්දිනේ වෙනුවෙන් විශේෂ ප්‍රසංගයක් ලෑස්ති කරලා තියෙනවා. ජූලි 14 වැනිදා හවස 7ට මේ ප්‍රසංගය පැවැත්වෙන්නේ BMICH හිදීයි.
කොළඹ දිවිල්ල 29 වැනිදා
යුද හමුදා ආබාධ සහිත මලල ක්‍රීඩකයින්ගේ සංගමය හා එක්ව Colombo City Running සංවිධානය කරන 10K & 5K වැඩසටහන ජූලි 29 වැනිදා කොළඹ වරාය දියකඩනය අසලින් ආරම්භ වෙනවා. කොළඹ නගරය වටා දිවීම කේන්ද්‍ර කරගත් මේ වැඩේට ඔබටත් සම්බන්ධ විය හැකියි. නමුත් ඊට කල්තබා ලියාපදිංචි විය යුතුයි.