2018 ජුලි 07 වන සෙනසුරාදා

බ්‍රවුනි නම් ගල්කිස්සේ Smokey’s රස වෑහෙන ෂේක් - අයිස්ක්‍රීම්

 2018 ජුලි 07 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 154

Smokey’s කියන්නේ කාලකට කලින් බොහොම කුඩාවට පටන් ගත්ත බ්‍රවුනි ව්‍යාපාරයක්. කොහොම වුණත් අද වෙනකොට ගල්කිස්සේ කුඩා නමුත් බොහොම අලංකාර අවන්හලක් ලෙස කටයුතු කරගෙන යන්න Smokey’s පටන් අරන් තියෙනවා. 

අපි මෙතැනදී පිරිනැමෙන බීම වර්ග දෙකක් රස වින්දා. එකක් තමයි Smokey's Brownie Shake. ඒක පොල් කිරි, බ්‍රවුනි කැබලි යොදා හැදූ බීමක්. එනිසා එය ගොඩක් රසවත් ඒ වගේම තරමක් ඝනැති බීමක් කිව්වොත් හරියටම හරි. අපි රස බලපු අනිත් බීම එක තමා Strawberry Iced Tea. රතු පැහැයට හුරු මේ බීම එක පෙනුම ලස්සනයි වගේම රසයෙනුත් ඉහළයි. 

Chocolate Coconut Ice Cream කියන්නේ මෙයාලටම ආවේණික විශේෂ අයිස්ක්‍රීම් එකක්. පොල්වල රසයත් චොක්ලට් රසයත් හරි ගාණට මුසු කරලා තමයි මේක හදලා තියෙන්නේ. 

බ්‍රවුනි ගැන කතාකරද්දී අපි Double Chocolate Brownie එකක රසබැලුවා. ඒකෙ නමේම තිබුණු හැටියට ඒක ටිකක් ඩාක් චොක්ලට් වැඩිපුර එකතු කරගත්තු බ්‍රවුනි එකක්. Peanutella Brownie එකේ තිබුණේ රටකජු රසයයි. කොහොම වුණත් මේ හැම බ්‍රවුනි එකක්ම උඩින් සාරවත් චොක්ලට් තට්ටුවක් තිබුණු නිසා ඒවා බ්‍රවුනි එකකටත් වඩා කේක් පැත්තට තමයි වැඩි බරක් තිබුණේ. 

ඔබත් මෙතැනට යනවානම් අපේ රෙකමදාරුව ලැබෙන්නේ Strawberry Iced Tea, Smokey's Brownie Shake සහ Peanutella Brownie  කියන වර්ග තුනටයි. 

♦ නටාෂා ප්‍රනාන්දුපුල්ලේ
සේයාරූ - කණිෂ්ක ගනේවත්ත