හිතට පෑයූ සඳක් වී
ලොවම සරසා සිනා වී
තුරුළෙ හිඳ ඔබ ගැයූ ගී
එදා මටනම් නෑසුණී
ඇය මගේ ලොව රජවෙලා
මදු සඳක් සේ පායලා
එවන් දැහැනේ තනිවෙලා
දෑලෙ මායා පෙම් කළා
ස්වප්නයෙන් එළි වූ දිනේ
මීදුමක් පාවී ගියේ
ඇගේ මායා විල් තෙරේ
මුළා වුණු බව වැටහුණේ
අන් ලොවක් වෙත පායලා
ඇගේ පුන්සඳ හිනැහුණා
අවසඳක් මට පෙන්වලා
සැණින් ඉවතට ඉගිලුණා
ඔබට මා දුන් දුක් සුසුම්
පාව යාවිද යළි ඉතින්
කමන්නට ආ මුත් සොවින්
සොමි සඳක් වැනි වත දකිම්
කෙලෙස් සයුරින් අත් මිදී
යන මඟට ඔබ නොම සැලී
එකතු වන්නට හිත හැදී
මේ ලොවේ මට පිං මදී...
►අසංක ගයාන් අබේසිංහ