2017 පෙබරවාරි 04 වන සෙනසුරාදා

වෛරස් රෝග අවදානමක්!

 2017 පෙබරවාරි 04 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 134

 

2017 පෙබරවාරි මස 3වන කිවිදින දවල් 1 විනාඩි 18ට තමාට සමරාශි භවනක් වූ මකර රාශියට පිවිසෙන බුධ රවිට අයත් උත්‍රසල නැකතේ දෙවන තුන්වන හතරවන පාදවලත් සඳුට අයත් සුවන නැකතේ සම්පූර්ණවත් කුජට අයත් දෙනට නැකතේ ප්‍රථම හා දෙවන පාදවලත් 2017 පෙබරවාරි 22 වන බුධ දින සවස 6 විනාඩි 45 දක්වාම ගමන් කරනු ඇත.

බුධ මකර රාශිගතවීම අප රටට

තවදුරටත් විදේශ ආයෝජන ආධාර ලබාගැනීම පිණිස රජය උත්සුක වන්නාවූ වකවානුවකි. රට තුළ වෛරස් රෝග අවදානමක් ප්‍රචලිත වන වකවානුවක් බැවින් අදාළ බලධාරීන් ඒ පිළිබඳව අවධානය මෙම වකවානුව තුළ යෙදවිය යුතුය. යම් යම් ඵල රහිත නීති බැහැර කර නව නීති පනත් ක්‍රියාවට නංවනු ඇත. කුඩා දරුවකුට අමානුෂික ලෙස සිදුකළ බාල අපරාධයක් වාර්තාවනු ඇත. තැපැල්  සහ ආරෝග්‍ය ශාලා ආශ්‍රිත කටයුතු කරන සේවකයන් අතර අශුභ වූ සිදුවීම් ඇතිවේ.

විදේශීය වශයෙන් කලා නිර්මාණයකට හෝ කලාකරුවකුට නීතිමය ප්‍රශ්නයකට මැදිවීමට සිදුවනු ඇත. පතල් ආශ්‍රිත අනතුරක් වාර්තා වේ. පාසල් ළමුන් රැස්ව සිටින ස්ථාන, සමාජ ශාලා, විනෝද ස්ථාන ආශ්‍රිතව ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවීමට ඉඩ තිබේ. විඛාරණය වීම්ද සිදුවන අතර ඒ හේතුවෙන් ජන ජීවිතයට බලපෑම් ඇතිවේ. විශේෂයෙන් ඉන්දියාව, ස්කොට්ලන්තය, රුසියාව, ප්‍රංශය, ඉතාලිය, ග්‍රීසිය මැක්සිකෝව, ඇෆ්ගනිස්ථානය, ඉතාලිය, රුමෙනියාව, අප්‍රිකාව. මුරිසියස්, ඇල්ජීරියාව, ටියුනිසියාව, එංගලන්තය, ජර්මනිය, සිරියාව, ජපානය ආශ්‍රිත රටවල් කෙරෙහි ඉහත බලපෑම් ඇතිවේ.

මේෂ - රැකියා උසස්වීම්

ඔබට යහපත් ඵල අත්වනු ඇත. මෙම වකවානුව තුළ නව දෙයක් තම මතකයට එක්කර ගත හැකිවනු ඇත. තම දරුවකුගේ ක්‍රියාවක් නිසා සිතට සතුටක් ඇතිවේ. රැකියාවේ උසස්වීමක් බලාපොරොත්තුවෙන් සිටියේනම් එය ඉටුවේ.

වෘෂභ - අධ්‍යාපනයට යහපත්

තම කටයුතු සාර්ථක කරගැනීමට උත්සාහය යොදවන වකවානුවක් වනු ඇත. ඔබගේ කටයුතුවලට විවිධ පාර්ශ්වවලින් බාධා ඇතිකරනු ඇත. අධ්‍යාපන කටයුතුවල නිරත වී සිටින අයට යහපත් කාලයක් වේ. හිතුවක්කාර තීරණ ගැනීම හේතුවෙන් හිතවතුන් තමා සමඟ අමනාපකම් ඇතිකර ගනී.

මිථුන - කටයුතුවලට බාධා

ඔබට එතරම් යහපත් නොවනු ඇත. ඔබගේ කටයුතුවලට විවිධ පාර්ශවවලින් බාධාකිරීම් විරුද්ධකම් ඇතිවනු ඇත. විරුද්ධ ලිංගිකයන්ගේ ආකර්ශනයට ලක්වනු ඇත. ව්‍යාපාරිකයන්ට යහපත් වන අතර ලාභ අත්වනු ඇත.

කටක - සෙම් රෝග

නීතිමය ප්‍රශ්නයකට මැදිවන බැවින් ලියවිලිවලට මෙන්ම ඇපවීම් කිරීමේදී පරිස්සමින් කටයුතු කළ යුතුය. හවුල් කටයුතුවලින් ඵල අත්වන අතර මුදල් යොදා කරන දේ වලින් ඵල ලබනු ඇත. සෙම් රෝගාබාධයක් මතුවේ.

සිංහ - සතුරු පීඩා

තමාට එරෙහි පාර්ශවවලින් බාධා කිරීම් කරනු ඇත. සතුරු පීඩාවක් එල්ලවන බැවින් කල්පනාකාරී වන්න. ශාස්ත්‍රිය කටයුතුවල නිරත වී සිටින අයට යහපත් ඵල ලැබෙනු ඇත. වෛරස් රෝගයක් වැළඳීමක් ඇති බැවින් ප්‍රවේසම් වන්න.

කන්‍යා - සිතේ සතුට

හිතේ සතුටින් කාලය ගතකිරීමට හැකිවන වකවානුවක් වේ. අධ්‍යාපන කටයුතුවල නිරත වී සිටින අයට යහපත් වේ. නව රැකියාවක් අපේක්ෂාවෙන් සිටි අයට තමන්ගේ බලාපොරොත්තුව ඉටුවේ. අන් අයගේ ආකර්ශනයට ලක්වනු ඇත.

තුලා - ලේඛනයට හොඳයි

ඔබට යහපත් ඵල අත්වනු ඇත. ලේඛන කටයුතුවල නිරතවී සිටින අයට යහපත්ය. අලුත් හිතමිතුරන් තමා හමුවට පැමිණේ. සිතට ප්‍රශ්න පැනනගින අතර නිතර චංචල ගතියෙන් යුක්තව සිටිනු ඇත.

වෘශ්චික - හොඳට කැපී පෙනේ

සියලු කටයුතුවල සාර්ථකත්වයක් දැකීමට හැකිවන අතර අන් අය අතර කැපී පෙනෙන වකවානුවක් වේ. කලා හා නිර්මාණ කටයුතුවල නිරත වී සිටින අයට යහපත්ය. පුණ්‍ය කටයුතු සඳහා සහභාගී වීමට අවකාශ හිමිවනු ඇත. අත්වල පීඩාවක් මතු වනු ඇත.

ධනු - ලිංගික ආකර්ශනය

තමන්ගේ වැඩකටයුතු මන්දගාමී ස්වරූපයෙන් ඉටුවන වකවානුවක් වේ. නීති ක්ෂේත්‍රයේ කටයුතු කරන අයට ශුභ ඵල අත්වේ. විරුද්ධ ලිංගිකයන්ගේ ආකර්ශනයට ලක්වනු ඇත. විවිධ වැඩ කටයුතු සඳහා රහස් සතුරු බලවේග නිර්මාණය වේ.

මකර - හදිසි උදර පීඩා

ශ්‍රාස්ත්‍රිය කටයුතුවල නිරත වී සිටින අයට ඉතා යහපත් වන අතර නව නිර්මාණ කිරීමට හැකියාව ඇත. ගනුදෙනු කිරීමේදී කල්පනාකාරී විය යුතු අතර නොසිතු ධන හානියකට ලක්වනු ඇත. උදරය ආශ්‍රිත හදිසි පීඩාවක් මතුවනු ඇත.

කුම්භ - බල්ලන්ගෙන් ප්‍රවේසම් වන්න

තම දේ රැකගැනීමට උත්සුක වන වකවානුවකි. සුරතල් සතුන්ගෙන් විශේෂයෙන් බල්ලන්ගෙන් ප්‍රවේසම් වීම වැදගත් වනු ඇත. තමාගේ විවිධ කටයුතුවලට බාහිර පුද්ගලයන් විසින් බාධා කිරීම් ඇති කරනු ඇත.

මීන - ව්‍යාපාර ලාභ

අලුත් හිතමිතුරන් හමුවනු ඇත. හවුල් කටයුතුවලින් හොඳ ප්‍රතිඵල ලැබේ. ව්‍යාපාරවල නිරත වී සිටින අයට ලාබ අත්වනු ඇත. තමාව අන් අය අතර කැපී පෙනෙන තත්ත්වයට පත්වනු ඇත.

ජ්‍යොතිෂ නන්දන
ප්‍රවීණ ජ්‍යොතිෂවේදී ජ්‍යොතිෂාචාර්ය
රේණුක වික්‍රමසිංහ
සුවනැණ ජ්‍යොතිෂ පර්ෙය්ෂණායතනය
ඔලබොඩුව, ගෝනපල

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00