2018 සැප්තැම්බර් 08 වන සෙනසුරාදා

මුහුද දිහා බලාගෙන නිදහසේ ඉන්න පුළුවන් සුපිරි නවාතැන The Villas Wadduwa

 2018 සැප්තැම්බර් 08 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 169

අද වන විට වාද්දුව තල්පිටිය යනු සංචාරකයන් බහුලව ගැවසෙන කලාපයකි. රන්වන් පැහැගත් මුහුදු වෙරළ තීරයකින් යුතු වාද්දුව ප්‍රකට තරු හෝටල් රැසක්ම තමන් වෙත ආකර්ෂණය කරගන්නට සමත්ව තිබෙනවා. අමායා රෙසෝර්ට්ස් වෙතින් හඳුන්වාදෙන ‘The Villas Wadduwa’ වාද්දුවට එක්වුණු නවතම සුඛෝපභෝගී හෝටල් පරිශ්‍රයයි.

The Villas Wadduwa යනු සිංහල වලව්ව සංකල්පය හොඳින් භාවිත කරමින් ඉදිකරන ලද්දකි. මුහුදු වෙරළ ඉදිරිපිට අක්කර හතරක භූමියක් පුරා පැතිරෙන හෝටලය මැද මිදුලක් ද සහිතව නිර්මාණය කර ඇත්තේ අතීත නිවාස සිහිපත් කරවමිනුයි. එහි ඇති නිර්මාණ සැරසිලි පවා ඒ අතීත සුන්දරත්වයත් මුහුදු බඩ අවට පරිසරයේ චමත්කාරයත් කදිමට මුහුවන අයුරින් යොදාගෙන තිබෙනවා. ඒ වගේම හෝටලයේ ගොඩනැගිලි ඉදිකර තිබෙන්නේත් මුහුදු සුළං පහස හොඳින් ලබාගත හැකි විදිහට වීමත් විශේෂත්වයක්.

මෙහි කාමර සතුව පෞද්ගලික පිහිනුම් තටාක, කේබල් ටීවී, දුරකථන, ආරක්ෂිත සේප්පු, වයි ෆයි, මිනි බාර්, තේ සහ කෝපි සෑදීමේ පහසුකම ඇතුළු නවීන අංගෝපාංග සියල්ලක්ම පාහේ පවතිනවා.

හෝටල් භූමියේ ප්‍රීමියම් විලා 27ක් සහ ලක්ෂරි විලා 05ක් ඉදිකර තිබෙනවා. මේ සෑම තැනකදීම පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීමට විශේෂ අවධානයක් හිමිවෙනවා. 

The Villas Wadduwa සතුව දැවැන්ත පිහිනුම් තටාකයක් තිබෙනවා. ඒ වගේම ස්පා එකක්, ව්‍යායාම මධ්‍යස්ථානයක් වගේ තවත් පහසුකම් එහි අන්තර්ගතයි. 

ප්‍රධාන අවන්හලේදී මුහුදු දර්ශනය විඳගනිමින්ම ආහාර ගැනීමේ හැකියාව පවතිනවා. චෙෆ් අබේකෝන්ගේ මූලිකත්වයෙන් යුතු සූපවේදී කණ්ඩායම දේශීය සහ ජාත්‍යන්තර ඕනෑම ආහාර වර්ගයක් පිළිගැන්වීමේ සූදානමින් සිටිනවා. 

වාද්දුව කියන්නේ ධීවර කර්මාන්තය මුල්බැසගත් කලාපයක්. ඒ නිසාම මෙහි නවාතැන් ගන්නා සංචාරකයන්ට ධීවර කර්මාන්තය ආශ්‍රිත අත්දැකීම් රැසක් ලබාගන්නත් පුළුවන්. ඒ වගේම ලැබෙන තවත් වාසියක් තමයි ඉතාම නැවුම් තත්ත්වයේ මුහුදු මාළු ආහාරයට ගත හැකිවීම. 

කුඩා ආයතනික ඉසව් සඳහාත් මෙතැන අපූරුවට ගැලපෙනවා. 20 දෙනකු වැනි කුඩා කණ්ඩායමක පටන් 200කට දක්වා පහසුකම් සැලසිය හැකි පහසුකම් හෝටලය සතුයි. 

♦ සනත් වීරසූරිය
සේයාරූ - ශාන් බන්දු වීරසිංහ

 2025 මාර්තු 08 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00