අතු ඉති කඩා බිමට දැම්මා
නුඹම ඉන්දූ සුදු මල් ගහේ
සිනිඳු මල් පෙති හඬා වැටුණා
නුඹෙන් වෙන් වූ හිත වගේ
නින්ද නැති මේ අතු පැලේ
හිත පුරා සක්මන් කළේ
දුන් දඬුවම් මදිද ඉතින්
තව ඉන්නෙ ඇයි රිදවමින්
මල් පිපුණු හිතේ පෙති කඩා
ඔබ ලබන සුවේ කිමදෝ
ඇන්ද සිතුවම් බොඳ කරලා
දේදුනු පාට අරන් ගියෙ කොහෙදෝ
ජයන්ත ග. ජෝතියරත්න