2017 පෙබරවාරි 11 වන සෙනසුරාදා

අශ්වලාඩමේ ගුරුකමෙන් සෞභාග්‍යය උදාකර ගන්න

 2017 පෙබරවාරි 11 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 624

ගම්භාර සිද්ධමුළු දේවතාවුන් (සූනියම්) වහන්සේ ගැමි ජන ජීවිත පුරාවට අසීමිත පුද පූජෝපහාර ලබාගනිමින් භක්තිමතුන්ගේ අනේකවිධ ඕනෑ - එපාකම් ඉෂ්ට සිද්ධ කරන විස්මිත දේවතාවෙකි. මහත් වූ පුණ්‍ය සම්භාරයකින් සපිරුණාවූ තේජෝබල පරාක්‍රමයෙන් හුදී ජනීජනයාගේ මනදොළ සපුරන සකල සෞභාග්‍යය උදාකරදෙන විවිධ ක්ෂේත්‍රයන් අතරට මෙම දේවතාවුන් වහන්සේ උපයෝගී කරගත හැකිය. එනිසාම ජනතාව බොහෝ අවස්ථාවල උන්වහන්සේගෙන් විවිධ ප්‍රශ්නවලට විසඳුම් අයදිති.

දුවන කළුපාට අශ්වයකුගේ භාග්‍යය ගෙනදෙන අශ්ව ලාඩම පිළිබඳ වූ කතිකාවත මෙකී සූනියම් දේවතාවනට සම්බන්ධ වූයේ කෙසේදැයි විමර්ශනය අතිශය වැදගත් වූයෙකි. මෙම දේවතාවාගේ වාහනය අශ්වයෙකි. එකී අශ්වයාගෙන් ඉවත් කෙරුන අශ්ව ලාඩම තුළින් යම්බඳු ආකර්ශනීය බවක් ගෙනදෙනු ඇත. යුරෝපය, ඇමෙරිකාව, පකිස්ථානය, ඉන්දියාව වැනි වූ රාජ්‍යයන්හි බහුතරයක් අශ්ව ලාඩම මාලපෙත්තක් ලෙස නිර්මාණය කොටගෙන කරමාලයක් සේ සෞභාග්‍යය උදාවීමේ අරමුණෙන් පැළඳ සිටිනු දැකගත හැකිය. 2013 දී ඇමෙරිකාවේ සුන්දරම වනිතාව වූ ශ්වින්ක් පැල්ට්‍රෝ මෙම ආභරණය පැළඳ සිටි කතකි. අභිමානනීය සිංහරාජයෙකු හා සමානව ජීවිතය ගෙනයාමටත් යස ඉසුරෙන් සපුරා යන වාසනාවේ රැවන් දොරටුවට අශ්වලාඩමක් නිසි ප්‍රකාරව භාවිත කිරීමෙන් පිවිසිය හැකි බව පිළිගනී. මෙය ආකර්ශනශීලී නාම කේතයක් බවට පත්වූ බව දිවයිනෙහි ප්‍රවීණ ගුප්ත විද්‍යාධාරි - ජ්‍යෙතිර්වේදීන් හොඳාකාරව දන්නා කරුණකි.

ඉපැරණි ජන ජීවිතයන්හි දී බැටලු - අශ්ව - ගව සහ බූරැවන් ගමනාගමනය සඳහා ප්‍රධානතම වූයේය. මෙකී සතුන්ගේ කුරගෙවී වණ තුවාල සිදුවීම මත අශ්ව - ගව සතුන්ට ලාඩම් ගැසීම පිළියමක් සේ යොදා ගන්නා ලදී. කම්හලකින් ලාඩම් සතරක් සාදා එකී ස්ථානයේදීම පාදවලට ගැසුවේය. අශ්ව - ගව සතුනට ජවය - බලය - ශක්තිය දෙගුණ තෙගුණ වී මෙහිලා ලාඩම් ගැසීමෙන් සතුටුදායක ප්‍රතිඵලයක් ලබාගත හැකිවිය. ගල් යුගය - එඬේර යුගය ගතකොට කාර්මික විප්ලවය සමගම අශ්ව බලය යාන්ත්‍රික විද්‍යාවෙහි සුපිරි බලය මනින ඒකකයක් විය.

ගැසූ අශ්ව ලාඩම් ගෙවීයාමෙන් අනතුරැව ඉවත් කෙරෙන අතර එවැන්නක් සොයා ජ්‍යොතිෂ - ගුප්ත විද්‍යානුකූලව සකස් කරගැනීම යහපත උදාකරවයි. සඳුන් කිරි පැනින් සෝදා - ගිලගත් දැහැන් සතෙන් 1008 වරක් හෝ වැඩි වාර ගණනකින් ප්‍රවීණ ගුප්ත විද්‍යාධරයකු මගින් ජීවම්කරගත යුතුවෙයි. අශ්ව ලාඩමක් අප්‍රමාදව පාඨක ඔබද සකස්කොට ගෙන වාහනයට, ව්‍යාපාරයට, නිවසට, කාර්යාලයට නිසි පරිදි සහ සවිකර ගත හැකිය. සුදුසු වතාවත් කිරීම ද ගුණාත්මක බවද මෙහිදී අතිශය වැදගත් වෙන්නෙකි. සර්ව ජනවෂීය, සර්වාරක්ෂාව - සෞභාග්‍යය දිනෙන් දින උදාකෙරෙයි. ජීවිතයෙහි වැදගත් අවස්ථා වන්හීදී ද ගම්භාර සිද්ධමුළු දේවතාවුන් වහන්සේගේ ආශිර්වාදය නොඅඩුව - නොමදව ලැබෙනු සහතිකයි. ඔබද මෙය අත්හදාබලා සත්‍යය වටහාගන්න.

කොත්මලේ විජිත ඩී. ලියනආරච්චි

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00