අවශ්‍ය දේවල්
කපාගත් ඉඟුරු කැබැල්ලක්
කරාබු නැටි ස්වල්පයක්
සුදුලූන් බික් 3ක්
දෙහි ගෙඩි හතරක යුෂ
මෙම සියල්ලම බ්ලෙන්ඩරයකට දමා පසුව එයට වතුර ලීටරයක් පමණ එක් කොට හොඳින් තම්බා ගන්න. පසුව මෙය නිවෙන්නට හරින්න. මෙම මිශ්‍රණයෙන් ස්වල්පයක් උදේ අවදි වූ විගස පානය කරන්න. ඉතිරි කොටස ප්‍රධාන ආහාරයට පෙර පානය කරන්න. දින කිහිපයකින් උදරය අඩුකර ගැනීමට පුළුවන.
මෙම ඔසුවත් උදරය අඩුකර ගැනීමට සුදුසුයි
කුරැඳු පොතු කැබැල්ලක්
තේ කොළ හැන්දක්
දවුල් කුරැඳු කොළ කිහිපයක්
වතුර වීදුරුවක් හොඳින් උතුරුවා ගන්න. එයට කුරුඳු පොතු කුඩා කැබැල්ලක්, තේ කොළ සහ දවුල් කුරුඳු කොළ තුනක් එක්කර ටික වේලාවක් වසා තබන්න. පසුව පෙරා උදේ පානය කරන්න. ඊට අමතරව උදෑසන ආහාරයට පෙර හා රාත්‍රී නින්දට පෙර මෙයින් ස්වල්පයක් පානය කරන්න.
ඉඟුරු කැබැල්ලක් ගෙන පොතු ඉවත් කරගන්න. එය කුඩා කැබැලිවලට කපාගන්න. මෙය වංගෙඩියක දමා හොඳින් කොටා ගන්න. මැටි හට්ටියක් ලිප තබා එයට වතුර ස්වල්පයක් එක්කර තලාගත් ඉඟුරු එයට එක්කරන්න. අඩු ගින්දරේ විනාඩි විස්සක් පමණ පෙණ නගින තුරු රත් කරගන්න. පසුව ලිප වසා මිනිත්තු දහයක් පමණ භාජනය වසා ටික වේලාවකින් පෙරා ගන්න. මෙයට මී පැණි තේ හැන්දක් එක්කර හොඳින් මිශ්‍ර කර පානය කරන්න. මෙයින් උදරය අඩු වී සිරුරේ බර ද අඩු වේ