2018 දෙසැම්බර් 01 වන සෙනසුරාදා

ඇඟ කසන-කැළැල් හදන අළුහම්

 2018 දෙසැම්බර් 01 වන සෙනසුරාදා, ප.ව. 12:30 536

බොහෝ දෙනා තුළ දක්නට ලැබෙන දිලීර රෝගයක් ලෙස අළුහම් හැඳින්විය හැක. ඇතැමුන් මෙම රෝගය පිළිබඳව එතරම් සැලකිල්ලක් නොදැක්වීමෙන් රෝගය ඉතා ඉක්මනින් මුළු ශරීරය පුරාම පැතිර යාමක් දක්නට ලැබේ. මෙය කෙනකුගෙන් තවත් කෙනකුට බෝවන රෝගයකි.

අළුහම් ඇතිවීමට හේතු

මෙය දිලීර රෝගයකි. දිලීරයක් මඟින් රෝගය බෝවේ. ඊට අමතරව කෘත්‍රිම ආහාර පාන ගැනීමෙන්, ආමාශය විරේකය නොවීමෙන්, අපවිත්‍ර ලෙස පානය කිරීම  හා ස්නානය කිරීමෙන් අනුන්ගේ ඇඳුම් පැළඳුම්, පනා ආදිය භාවිත කිරීමෙන්, නිදන කාමරයට හොඳින් හිරැ එළිය නොවැටීමෙන්, ඇඳ ඇතිරිලි, කොට්ට උර ආදිය නිතරම පිරිසිදු නොකිරීමෙන් බොහෝ විට අළුහම් ඇතිවිය හැක.

අළුහම්වලින් ඇතිවන අතුරු ආබාධ

බොහෝ දෙනා අළුහම් ඇතිවීමෙන් පසුව ඒ ආශ්‍රිත ප්‍රදේශය කැසීමක් සිදු වේ. මෙම කැසීම මඟින් ශරීරය තුවාල වීම, විෂබීජ ශරීර ගතවීම, කුෂ්ඨ ඇතිවීම, තුවාල කැළැල් ඇතිවීම සිදුවිය හැක. අළුහම් ඇතිවීමෙන් ශරීරය අවලස්සන වේ. මේ අවලස්සන වීම නිසාම බොහෝ දෙනා අළුහම් සුවකර ගැනීමට උත්සාහ ගත්තත් අවලසන්නටත් වඩා මෙය තවත් කෙනකුගෙන් තවත් කෙනකුට ඉක්මනින් බෝවිය හැකි රෝගයක් ලෙස හැඳින්විය හැක.

අළුහම් සඳහා ප්‍රතිකාර

අළුහම් ඇතිවීමට පෙර සිටම ඒ පිළිබඳව සැලකිල්ලක් දැක්වීම ඉතා වැදගත් වේ. විශේෂයෙන් පිරිසිදුව සිටීම, ජලය වැඩිපුර පානය කිරීම, අන් අයගේ අඳුම් පැළඳුම් පාවිච්චි නොකිරීම ඉතා වැදගත් වේ.

මීට අමතරව අළුහම් ඇතිවිට වෙරළු කොළ හා පේර කොළ කොටා එම යුෂ දෙහි ඇඹුල් එකතු කොට ශරීරයේ ආලේප කර ටික වේලාවකින් සෝදා හැරීම, ඉරමුසු තම්බා බීම, කළුවා අල තලා එම ඉස්ම ශරීරයේ  ආලේප කිරීම මෙන්ම කොහොඹ පොතු, කොහොඹ කොළ තම්බා එම ජලයෙන් ස්නානය කිරීම අළුහම්වලට ඉතා සාර්ථක ප්‍රතිකාර වේ.