2018 දෙසැම්බර් 01 වන සෙනසුරාදා

හැව්ලොක් පාරේ Thai Heritage Food Truck එකෙන් බඩ පැලෙන්න කාපු දවස

 2018 දෙසැම්බර් 01 වන සෙනසුරාදා, ප.ව. 12:30 184

මම කාලෙකට පස්සෙ බඩ පැලෙන්න කාපු දවසක් තමයි හැව්ලොක් පාරෙ තියෙන Thai Heritage Food Truck එකෙන් කෑම රසබලපු දවස. මෙතැන කෑම පුදුම රසයි. ඒ වගේම නැවුම් සහ ඉතා ඉක්මනින් පිළියෙල කරලා දෙනවා. මේ සියලු ගුණාංග එකතු කරගත්තු ස්ට්‍රීට් ෆුඩ් ජොයින්ට් එකක් හොයාගන්න එක ලේසි නැහැ.

මෙතැන වැඩිම අලෙවියක් තියෙන්නේ තායි ෆිෂ් කේක්, චිකන් පඩ් තායි සහ ස්පයිසි සී ෆුඩ් රයිස් කියන කෑම වර්ග තුනට බව එතැනදි දැනගන්න ලැබුණා. ඒ කෑම වර්ග තුනම මම රසබැලුවා. පුදුම රසක් තියෙන්නෙ. ඒවා පිළිගැන්වුණෙත් දුම් දමමින් හරිම ප්‍රියමනාප විදිහටයි.

මේ තායි ෆුඩ් ට්‍රක් අවන්හල පිටිපස්සේ තුන්දෙනෙක් ඉන්නවා. ඒ තමයි අනුරාධපුර හෙරිටේජ් හෝටලයේ හිමිකරු උදිත සුන්නදෙනිය, උදිතගේ සහෝදරිය සවින්ද්‍රි සහ බිරිඳ හිමාෂි. උදිත තායි කෑමබීමවලට ගොඩක් මනාප හින්දම තමයි මේ වගේ වැඩක් පටන්ගන්න කල්පනා කරලා තියෙන්නෙ. 

ඉදිරියේදී කොළඹ තවත් තැන් කිහිපයකම මේ වගේ තායි ෆුඩ් ට්‍රක්ස් පටන්ගන්න ඒ ගොල්ලෝ අදහස් කරලා තියෙනවා. 

I ධනූ
ඡායාරූප - You’re my favorite
Tip’s