2018 දෙසැම්බර් 15 වන සෙනසුරාදා

පුංචි විවේකයකට ටොප් හෝටලයක් Le Grand, Galle

2018 දෙසැම්බර් 15 වන සෙනසුරාදා, ප.ව. 12:30104

නත්තල් සහ අලුත් අවුරුදු සමය කියන්නේ මට ටිකක් කාර්යබහුල කාලයක්. නත්තල් සාද අලුත් අවුරුදු සාද හැමතැනම. ඉතින් මේ කලබලයට කලින් පොඩි විවේකයක් ගන්න කියලා හිතලා මම ගාලු කොටුවට යන්න තීරණය කළා. ගිහින් නැවතුණේ Le Grand, Galle හෝටලයේයි. මේ හෝටලය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සුඛෝපභෝගී හෝටලයක් කිව්වොත් හරියටම හරි!

ගාලු කොටුව දිහාවට වැටෙන පාර අයිනේ පිහිටලා තිබුණු නිසාම මේ හෝටලය ඉතාම සුන්දර දර්ශන තලයක් පිරිනමන්න සමත් තැනක්. ඒ වගේම හෝටලය ඇතුළත සැරසිලි සියල්ල කර තිබුණේ ගාලු කොටු පවුරට ගැලපෙන විදිහට වීමත් කැපී පෙනෙනවා. 

තමන්ගේ ගෙදර හැරුණු විට නිදහස් විවේකී බවක් දැනෙන තවත් තැනක් විදිහටත් මේ නවාතැන හැඳින්විය හැකියි. නැවුම් මුහුදු හුළං සමඟ රස නහර පුබුදුවන ආහාර නිසාත් මෙතැන වටිනාකම තවත් ඉහළයි. TASTE නමින් හැඳින්වෙන මෙතැන ප්‍රධාන අවන්හල මුළු දිනය පුරාම රසවත් ආහාර පිළිගන්වනවා. විශේෂයෙන්ම එතැනදි රස බලපු පොල් සම්බෝලයත් මාළු කරියත් නියම ලාංකික රස ඇතුළත් ආහාර දීසි දෙකක් බව නම් කියන්නම ඕනෙ! 
BLUE කියන්නේ මුහුද දිහාවට විවෘත වුණු මේ හෝටලයේ මුහුදු ආහාර අවන්හලයි. ඒක ක්‍රියාත්මක වෙන්නේ එළිමහන් මුළුතැන්ගෙයක් විදිහට වීමත් විශේෂත්වයක්. අවට ධිවර ජනතාවගෙන් සපයාගන්නා මුහුදු මාළු ඒවායේ නැවුම් බව ආරක්ෂා කරමින් සංචාරකයන්ට පිළිගැන්වෙනවා.

අංගසම්පූර්ණ ජිම් එකක්, සෝනා එකක්, හුමාල ප්‍රතිකාර ඒකකයක්, ජැකුසී වගේම සම්බාහන මධ්‍යස්ථානයකුත් එහි අන්තර්ගතයි.

- ධනු
ඡායාරූප  - You’re my favorite

2025 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
2025 මාර්තු 08 වන සෙනසුරාදා, ප.ව. 02:00
2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:00
2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:00
2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00