දිනුෂ්කා සහ නිලංගා ජයවික්‍රම කියන අක්කා නඟෝ දෙපළ කාලයක් තිස්සේම ඉවුම් පිහුම් රටා අතරට මැදිවුණු පවුලක හැදී වැඩුණු දෙදෙනෙක්. ඒ එයාලගේ ආච්චි අම්මා වගේම අම්මාත් විවිධ කේක් වර්ග, අතුරුපස වර්ග හදන්න ගොඩක් කාලය වැයකරලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි, ජයවික්‍රම පවුලේ තාත්තාත් කෝකියෙක්.
Bola’s Bakeshop නමින් මේ දෙන්නගේ කේක් අතුරුපස ව්‍යාපාරය හඳුන්වන්න හේතුව තමයි දිනුෂ්කාගේ සුරතල් නාමය ‘බෝලා' වීම. මේ සොයුරියන් දෙදෙනාගේ කේක් එකතුවෙන් අපි මුලින්ම රස බැලුවේ Chocolate Honey Cake with Peanut Crumble කියන කේක් එකයි. කිතුල් පැණි, බටර් අයිසින්, චොක්ලට් ග්‍රාන්ෂ් වගේම පැණිකජු දාලා හදලා තියෙන මේ කේක් එක පුදුම රසයි. ඇත්තටම ඉස්සර ඉස්කෝලෙ යන කාලේ පැණිකජු කාපු මතකයකුත් මේ කේක් එක රසවිඳිද්දි අපිට දැනුණා.
Coconut Passion Layer Cake කියන්නේ වැනිලා කේක් සහ පැෂන් ෆෘට් ලේයරයකින් සහ පොල්වලින්. වැනිලා අයිසින් වලින් මතුපිට හිම විදිහට සරසලා තියෙන කේක් එකේ මැද තියෙන්නේ රසම රස පැෆන් ෆෘට් මදයක්. මේකේ රස වගේම ලස්සනත් උපරිමයි. අපි අන්තිමට රස බැලුවේ Chocolate Hazelnut Fudge Bars කියන අතුරුපස කේක් වර්ගයයි. කැරමල් මුදුනක් සහිත මේ චොක්ලට් බාර් එකේ තිබුණේ දිව්‍යමය රසක් කිව්වොත් හරියටම හරි.
නටාෂා ප්‍රනාන්දුපුල්ලේ
සේයා රූ - කණිෂ්ක ගනේවත්ත