2019 ජනවාරි 19 වන සෙනසුරාදා

නඩු පිට නඩු වැටෙන කාලයක්

 2019 ජනවාරි 19 වන සෙනසුරාදා, ප.ව. 12:30 103

දෙදහස් දහනවයේ ජනවාරි 14 වෙනිදා රාත්‍රී 07.50ට පමණ රවි ග්‍රහයා මකර රාශියට ප්‍රවිශ්ඨ වෙයි. එවිට නැගෙනහිර ක්ෂිතිජයේ රවි හිමි සිංහ රාශිය මතුවී පවතී. මෙකී රවි ග්‍රහයා කේතු සමඟ රෝග හා සතුරු ස්ථානය භාජනය කරයි.
මේ නිසා ධීවර ජනතාව අතර ප්‍රබල නොසන්සුන්තාවයක් හටගන්නා සිදුවීමක් නිර්මාණය වන්නේය. එමෙන්ම දිය රකුසා විසින් ජන ජීවිත තම බිල්ලක් ලෙස නතුකර ගන්නට ක්‍රියාකරනු ඇත. එතෙකින් නොනවතින ජල රකුසා දියඹේදී ජල යාත්‍රාවලටද පහර දෙන්නට ක්‍රියාකරනු ඇත. පෙබරවාරි 14 වෙනිදා දක්වාම කාලය අනතුරැදායක නිසා ජලාශ පරිහරණය ඉතා පරිස්සමින් යුතුව සිදුකළ යුතුය. මේ කාලයේදී දියේ ගිලීම ආදියෙන් සිදුවිය හැකි වින්නැහි ඇතිවන නිසා ස්නානය කිරීමේදී පරිස්සම් වීම වැදගත්.

තත්කාල ලග්න කුණ්ඩලියෙහි අටවැන්නෙහි සඳු සමඟ අඟහරැ ග්‍රහයා තම බලය පතුරුවන්නේ ගුරු හිමි මීන රාශිය තම ඒකාධිපති වියරැ භූමිය බවට පත්කර ගෙනය. ලොමුදැහැගැන්වෙන හදිසි අනතුරක් සමඟ ගිනි විපත් මවන්නට ද ඔහු තම ශක්තිය උපයෝගී කරගනු ඇත. විවිධ ස්ථානවලට ගින්නෙන් හානි සිදුවන අතර ජීවිත ගිනි රකුසා  නිසා විනාශයට පත්වනු ඇත. විශේෂයෙන්ම ඉන් ඇතිවන දේපළ හානි විශාල වේ.

අඟහරු සමඟ පරිවර්ථන යෝගයකට ලක්වන ගුරැ ග්‍රහයා තම සතුරිය වන සිකුරු සමඟ ගෘහ ස්ථානය කළඹවන්නේය. වගාබිම් විනාශ කර වාතය තෙතමනය කොට භූමි පාලුවන් රට පුරා තැනින් තැන මවන්නට ඔහු ක්‍රියාකරනවා ඇත. වගා හානි, කෘමි වසන්ගත මෙන්ම විවිධ රෝගාබාධ, කෘෂි කර්මයට බලපායි. තෙතමනය වැඩිවීමෙන් මෙම තත්ත්වය තවත් වර්ධනය වනු ඇත.

තත්කාල ලග්න කුණ්ඩලියේ බටහිර දිශාව නැප්චූන් විසින් කුපිත කරනු ලැබ ඇත. ප්‍රබල අශෝභන ක්‍රියාවක් සම්බන්ධ නඩුවකින් රට හෙල්ලුම් කන්නේය. යටපත්ව තිබූ නඩු නිමිති යළි ලියලා නඩු පිට නඩු වැටෙනු ඇත. එසේම පහර දීමකින් භීතියක් ඇවිලී යන්නේය. විදේශීය මඟ පෙන්වීම්, ආධාර ලබාදීම්, උපදෙස් ලබාදීම් හා සම්බන්ධව සැකකටයුතු තත්ත්වයක් මතුවීම නිසා පාලකයන්ට ජනතා අප්‍රසාදයක් ද පැනනගිනු ඇත. විවිධ චෝදනා එල්ල වීමට ඉඩ වැඩියි. පාප ග්‍රහ බලපෑම් පවතින ජන්මීන් පරිස්සම් වීමට වගබලා ගත යුතුයි.

 2024 නොවැම්බර් 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 14 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00