මහනුවර පිහිටා තියෙන දහසකුත් එකක් සංචාරක ආකර්ෂණ අතරේ දුම්බර මිටියාවතේ පසෙක පිහිටා තිබෙන වික්ටෝරියා ජලාශයට හිමිවන්නේ සුවිශේෂී තැනක්.
ජලාශයේ උතුරු කොණ මායිම් වන්නේ මහනුවර මහියංගනය මාර්ගයේ ඔරුතොට සහ තෙල්දෙණිය නගරවලටයි. මේ ප්රදේශය දුටුවන්ගේ නෙත් සිත් පැහැර ගැනීමේ විශේෂ හැකියාවකින් යුතු කලාපයක් බවත් කිවයුතුමයි.
Castle Palace කියන්නේ නුවර මහියංගනය පාරේ තෙල්දෙණිය අලුත්වෙල්ගම ප්රදේශයේ අලුතින් ඉදිකරන ලද සංචාරක බංගලාවක්. මහනුවර නගරයේ සිට මෙතැනට ඇති දුර කිලෝ මීටර 20ක්.
මීදුමෙන් බරවුණු කඳු පන්ති වගේම වික්ටෝරියා ජලාශයට මායිම්ව ඉදිවුණු මේ සංචාරක බංගලාව කලකට ඉහතදී රන්දික අබේසිංහ මහතාගේ පෞද්ගලික නිවහනක්. ඔහු පසුකාලීනව නව අලුත්වැඩියා කිරීම් සහිතව මෙතැන සංචාරක බංගලාවක් බවට හරවා තිබෙනවා.
මෙය අති නවීන පහසුකම්වලින් යුතු නවීන පන්නයේ බංගලාවක්. මෙතැන සුඛෝපභෝගී කාමර පහක් සහ Suit පන්නයේ නවාතැන් ඒකකයකුත් පවතිනවා. ඊට අමතරව පිටත පිහිනුම් තටාකයක්, ජැකූසි තටාක, ජලාශයට දිගුවුණු වේදිකාවක් සහ දැවැන්ත ආහාර ගැනීමේ ස්ථානයක් හෝටලය සතුයි.
හෝටලයේ තවත් විශේෂත්වයක් වන්නේ එකදු ගසක් හෝ කපා නොදමින් පිහිටි පරිසරයට ම අනුගත වන ආකාරයට හෝටලය සාදා තිබීමයි. මේ නිසාම රොබින්හුඩ් තේමාවට අදාළ වන ආකාරය හෝටලයේ නිමාව දැකගන්න පුළුවන්.
කාමර ඇතුළත පහසුකම් ගැන කතාකිරීමේදී රූපවාහිනී, වායු සමීකරණ, මදුරුදැල්, තේ සහ කෝපි සාදාගැනීමේ පහසුකම් ආදිය ඇතුළත්. ෂෙෆ් රාජාගේ කෑම වට්ටෝරැවේ රසයත් මෙතැනට සංචාරකයන් ඇදබැඳගන්න ලොකු හේතුවක් වෙලා තියෙනවා. මහනුවරට ආවේණික සරල ගැමි කෑම වේලක සිට තරු පහේ හෝටල් ආහාර අත්දැකීමක් දක්වා ලොකු පරාසයක ආහාර අත්විඳින්න මෙතැනදී පුළුවන්.
මෙතැන සිට බඹරගල විහාරය, වික්ටෝරියා ජලාශය, රන්දෙණිගල ජලාශය, රන්ටැඹේ ජලාශය, නකල්ස් රක්ෂිතය වගේම අවසන් රජු ශ්රී වික්රම රාජසිංහ රජු ඉංග්රීසීන්ගෙන් සැඟවී සිටි නාරම්පනාව, බඹරබැද්ද වැනි ගම්මාන කරාත් පහසුවෙන් ළඟා වෙන්න පුළුවන්. ඒ වගේම මධුසමය ගත කරන්නටත් මේ සංචාරක බංගලාව හොඳින්ම ගැලපෙනවා.
සනත් වීරසූරිය
සේයාරූ - ශාන් බන්දු වීරසිංහ