2017 පෙබරවාරි 18 වන සෙනසුරාදා

කෝකියා Hilton එක්කම ඔබට ලැෙබන කුස්සිය

 2017 පෙබරවාරි 18 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 116

Hilton Colombo Residences හෝටලයේ තියෙන FLOW අවන්හල කියන්නේ, විවිධ වර්ගයේ ආහාරපාන රැසක් තියෙන තැනක්. දවසේ ඕනෑම වෙලාවකට ගැළපෙන ආහාර එතැන තියෙනවා. විවෘත මුළුතැන්ගෙයක් විදිහටයි අවන්හල සකස් කරලා තියෙන්නෙත්. 

බැටලු මස් දාපු රෝස්පාන්

අපි කෙළින්ම ගියේ VIP කට්ටියට (ප්‍රභුවරු වගේ අයට) වෙන් කරලා තියෙන කොටසට. ඒක පිහිටලා තියෙන්නෙ පෞද්ගලික ආහාර මැදිරියක් විදිහටයි. මෙතැන විශේෂත්වය තමයි ඔබ වෙනුවෙන්ම වෙන් වුණු කෝකියෙක් ඔබේ කැමැත්ත පරිදි ආහාර සකස් කරලා පිළිගන්වන එක. මේ නිසා පවුලේ එකතුවකට වගේම ව්‍යාපාරික හමුවකට වුණත් මේ සැකැස්ම නියමෙට ගැළපෙනවා. 

අපට හමුවුණේ ප්‍රියාල් විජේසූරිය කියන කෝකි මහත්මයායි. ඔහු අපිට දුන්නා Amuse Bouche සහ මුරුංගා ක්‍රීම් “සුදුලූණු දාපු රෝස්පාන්”, කරපිංචා සලාදයක් සහිත ආහාරයක්. ඒ වගේම රසවත් බැටළුමස් ආහාරයක් සහ ස්ට්‍රෝබෙරි වගේ ගොඩක් දේවල් අපේ කැමැත්තට සකස් කරලා දුන්නා. 

අයිස්ක්‍රීම් කොත්තු 

කොටස් පහක අපේ මුළු ආහාරවේල අවසන් වුණේ කෝපි කෝප්පයකිනුයි. මෙතැන පවුල් වටපිටාවක් වගේම ව්‍යාපාරික වටපිටාවකුත් හොඳට මුසු වුණු තැනක්. තමන්ටම වෙන්වුණු කෝකියෙක් ලවා කැමැති ආහාර හදාගන්න ලැබෙන එකත් ගොඩක් වටිනවා. අනික් විශේෂම කාරණය තමයි මෙතැනට ගියොත් අයිස්ක්‍රීම් කොත්තුවක රස බලන්න නම් අමතක කරන්න එපා.

♦ ධනූ - ඩේලිමිරර් ලයිෆ්
ඡායාරූප - You're My Favorite 

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00