2019 ජනවාරි මස 20 වැනි ඉරු දින රාත්‍රී 6.06ට බුධ ග්‍රහයා සෙනසුරුට අයත් මකර රාශියට පිවිස 2019 පෙබරවාරි 7 වැනි ගුරු දින දක්වා මකර රාශියෙන් ගමන් කරයි. ඒ අතර සිකුරු බ්‍රහස්පතිට අයත් ධනු රාශියට 2019 ජනවාරි 29 වැනි කුජ දින රාත්‍රී 10.28ට පිවිස 2019 පෙබරවාරි 24 වැනි ඉරැ දින දක්වාම එම රාශියෙන් ගමන් කරනු ඇත.
මේ ගමන් කිරීම අප කෙරෙහි කෙසේ බලපායිදැයි අවධානය යොමු කිරීමේදී කුඩා ළමයින්ට මෙන්ම කාන්තාවන්ට ඉතා අයහපත් වන කාල වකවානුවක් බව පෙනේ. විවිධ වූ හේතු නිසා දරැවන්ට විවිධ අනතුරු ඇති වන අතර ජීවිත හානි ද ළමා අපයෝජන සිදුවීම් ද වධහිංසනවලට ලක්වීම් ද ඉහළ යයි. මේ නිසා වැඩිහිටියන් කුඩා දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් වැඩි අවධානයක් යොමු කළ යුතු කාලයක් බව කිව යුතුය. එමෙන්ම කාන්තාවන්ට සිදුවන හිංසන ක්‍රියාවල වර්ධනයක් ද ඇති වන කාලයක් වන අතර ස්ත්‍රී දූෂණ ද ඝාතනය කිරීම් ද වාර්තා වනු ඇත.
මෙම වකවානුව චිත්‍ර ශිල්පීන්ට, ලේඛකයන්ට, මාධ්‍යවේදීන්ට සහ ග්රන්ථ කර්තෘවරැන්ට අයහපත් වන අතර මාරක අපල වැඩි වනු ඇත. තැපැල් සේවය ආශ්‍රිතව අර්බුදයක් ඇති වන අතර දුම්රිය අනතුරක් ද වාර්තා වනු ඇත. විදේශීය රාජ්‍යයන් සමඟ වෙළෙඳ ගිවිසුම් වැඩි වශයෙන් අත්සන් කෙරේ.
මන්ත්‍රීවරුන්ගේ කීර්ති නාමය හානියට පත්වන්නා වූ ආකාරයේ සිදුවීම් වාර්තාවනු ඇත. පාර්ලිමේන්තුව තුළ වාද විවාද ඇති වනු ඇත. යම් යම් දුබල නීති වෙනස් කරන කාලයක් ද වේ.
විදේශීය වශයෙන් විමසා බැලීමේදී
ආගමික කටයුතු සම්බන්ධ නීතියක් නිසා මහජන විරෝධතා ඇතිවනු ඇත. පතල් අනතුරක් ද වාර්තා වන අතර සමාජ ශාලා, විනෝද ස්ථාන, අධ්‍යාපන ආයතන ආශ්‍රිතව ත්‍රස්ත ප්‍රහාරයක් ඇති වෙයි. චිත්‍රපටයක් සඳහා නීතිමය ප්‍රශ්නයක් උද්ගත වේ. රාජ්‍ය නායකයකුටඉතා අයහපත් වන කාල වකවානුවක් වනු ඇත.
මීළඟට ලග්න අනුව සොයා බලමු
මේෂ - යහපත් කාලයක්
ඔබගේ උත්සාහය මත වැඩකටයුතු රුසක් සාර්ථක කරගත හැකි වනු ඇත. සේවා ස්ථානයේ පැවති ප්‍රශ්න මගහැරී යනු ඇත. අන් අය අතර කැපී පෙනෙන තත්ත්වයට පත් වේ. කලා ක්ෂේත්රයේ නියැලි අයට තම නිර්මාණ සාර්ථකව කරගත හැකි කාලයක් වේ.
වෘෂභ - ආගමික නැඹුරුව
තම කටයුතුවලට විවිධ පාර්ශවවලින් බාධා ඇති කරනු ඇත. ආගමික කටයුත්තක් වෙනුවෙන් සහභාගී වනු ඇත. අධ්‍යාපන කටයුතුවල නිරත අයට ශුභ ඵල අත්වේ. නව දේපලක් මිලදී ගැනීමට යහපත් කාලයක් වේ.
මිථුන - මංගල යෝජනා
නීතිමය ප්‍රශ්නයකට මැදිවිය හැකි බැවින් කල්පනාකාරීව කටයුතු කරන්න. අවිවාහක අයට මංගල යෝජනා ස්ථිර වනු ඇත. හවුල් කටයුතු හා ව්‍යාපාරවල නිරත අයට ශුභ ඵල ගෙන දෙනු ඇත.
කටක - නීතිමය ගැටලු
නීතිමය ප්‍රශ්නයකට මැදිවිය හැකි බැවින් කල්පනාකාරීව කටයුතු කරන්න. ලියවිලිවලට අත්සන් තැබීමේදී පරිස්සම් වන්න. තම කටයුතු සඳහාත් විවිධ පාර්ශවවලින් බාධා ඇති කරන කාලයක් වේ. ඥාති ප්‍රශ්නයක්ද මතු වේ.
සිංහ - විනෝද චාරිකාවක්
සැහැල්ලුවෙන් යුක්තව කටයුතු කරන කාලයකි. යම්කිසි ලබාගත නොහැකි වූ දෙයක් පවතීනම් එම දේ ලබා ගත හැකි වේ. විනෝද චාරිකාවකට සහභාගී වන්නා වූ වකවානුවක් ද වේ.
කන්‍යා - කටයුතු සාර්ථකයි
ඔබට යහපත් ඵළ උදාවන කාලයක් වේ. කරන කටයුතු සාර්ථක බවට පත්වනු ඇත. විසිතුරු දේවල් සඳහා සිත් යොමු කරනු ඇත. තනි මතයට වැඩ කරමින් තමාගේ කටයුතු සාර්ථකව කරන කාලසීමාවක් වේ.
තුලා - ලේඛනයට හොඳයි
ඔබට ද යහපත් ඵල අත්වන අතර ලේඛන කටයුතුවල නිරත වී සිටින අයට ස්වකීය නිර්මාණ සාර්ථකව සිදුකළ හැකි කාලයක් වේ. යම් යම් හේතු මත සිතට වේදනා ඇතිවනු ඇත. අත්වල පීඩාවක් ද මතුවනු ඇත.
වාෂ්චික - අනුන් අතර කැපී පෙනේ
නිර්මාණශීලී අදහස් ජනිත වන්නාවූ වකවානුවක් වේ. අන් අය අතර කැපී පෙනෙන තත්ත්වයට පත්වනු ඇත. යම් යම් වැඩ අතපසු වීම් විය හැකි බැවින් අවධානයෙන් කටයුතු කරන්න. පවුල් දිවියේ ද ප්‍රශ්න ඇතිවන කාලයකි.
ධනු - මුදල් පාඩුවක්
විශාල අන්දමේ ගනුදෙනු කිරීමේදී පරිස්සම් විය යුතු වේ. හදිසි මුදල් පාඩුවක් ඇතිවිය හැක. පවුල් දිවියේ සමගිය බිඳ වැටීමට හේතු වුවද ආර්ථික වාසි අත්වන වකවානුවක් ද වේ. හිසේ පීඩාවක් මතුවනු ඇත.
මකර - බඩේ අමාරු
සේවා ස්ථානයේ වෙනසක් අපේක්ෂා කළ අයට තම බලාපොරොත්තු ඉෂ්ඨ කරගත හැකිවනු ඇත. තම කටයුතු සඳහා විවිධ පාර්ශවලින් බාධා මතු කරනු ඇත. අන් අයගේ මතය පිළිනොගෙන කටයුතු කරන කාලයකි. උදරය ආශ්රිත පීඩාවක් මතුවනු ඇත.
කුම්භ - උදව් උපකාර
හිත මිතුරන්ගෙන් උදව් උපකාර ලබාගත හැකි වකවානුවකි. සමාජ සේවා කටයුතු සඳහා යොමු වනු ඇත. ජලයෙන් පීඩා ඇතිවිය හැකි බැවින් පරිස්සම් වීම වැදගත් වේ. නව ව්‍යාපාරයක් ආරම්භ කිරීමට ද යහපත් කාලයක් වේ
මීන - විදේශ ගතවීම්
විදේශ ගතවීමේ බලාපොරොත්තු ඉෂ්ඨ කර ගතහැකි කාලයක් වේ. සේවා ස්ථානයේ අනිකුත් සේවකයන් අතර හිත් බැඳීම් ඇතිවනු ඇත. අවිවාහක අයට මංගල යෝජනා ගෙනදෙයි. යම්කිසි හේතුවක් මත සිතේ ව්‍යාකූලතාවයක් ඇති වේ.
ජ්‍යොතිෂ නන්දන
ප්‍රවීණ ජ්‍යොතිෂවේදි ජ්‍යොතිෂාචාර්ය
රේණුක වික්‍රමසිංහ
සුවණැන ජ්‍යොතිෂ පර්යේෂණායතනය
ඔලබොඩුව, ගෝනපල