අලුත් විදිහට හිතලා සාර්ථකත්වයට පත්වුණු අයට තැනක් දෙන්න අපි හැමවෙලාවෙම කටයුතු කරන්නේ ලොකු සතුටක් හිතේ තියාගෙනයි. ඉතින් ප්‍රභාත්ගේ MAZE කතාව අද මම ඉදිරිපත් කරන්නෙත් ඒ වගේම සතුටකින් යුතුවයි.
ප්‍රභාත් තමන්ගේ රස්සාවෙනුත් අස්වෙලා MAZE කියන නමින් මේස් කුට්ටම් ව්‍යාපාරයක් පටන් ගත්තේ, මේස් වෙනුවෙන් එයා තුළ තිබුණු ආසාව හින්දමයි. ඔහු කියන විදිහට නම් මේ වැඩේ පටන් අරන් තියෙන්නේ ලංකාවේ හොඳ ප්‍රමිතියේ මේස් කුට්ටම් වෙනුවෙන් තියෙන විශාල ඉල්ලුම ඔහු දැකපු නිසායි.
“ලංකාවේ ගොඩක් දෙනෙක් මේස් ගැන එච්චර සැලකිල්ලක් දක්වන්නෙ නැහැ. ඒ ගැන හිතන අයට වුණත් හොඳම තත්ත්වයේ මේස් කුට්ටම් ගන්න ලැබෙන්නේ පිටරට ගිය අවස්ථාවලදීයි. ඉතින් ඒ අවශ්‍යතාවයට හරියන විදිහේ නිෂ්පාදනයක් මම MAZE හරහා ඉදිරිපත් කළා” ප්‍රභාත් එහෙම කියනවා.
MAZE විශේෂත්වය තමයි ශ්‍රී ලාංකික අනන්‍යතාවය පිළිබිඹු වෙන විදිහට තමයි මේ මේස් කුට්ටම් නිර්මාණය කරලා තියෙන්නෙ. ඒ කියන්නේ මේස් කුට්ටමේ රටාවලට යොදාගෙන තියෙන්නෙ ජම්බු, ත්‍රීවීල් වගේ රූප. ඒ නිසාම ලංකාවටම ආවේණික මේස් කුට්ටම් විදිහටත් මේවා හඳුන්වන්න පුළුවන්.
- ධනූ