ඉඳලා හිටලා මොනවහරි පැණිරස කෑමක් කන්න එන ආසාව හරිම ස්වභාවික දෙයක්. ඉතින් පහුගිය සතියක මටත් ඒ විදිහේ හැඟීමක් ආවා. මම කළේ තිඹිරිගස්යායේ Hyve Dessert Bar එකට ගොඩවදින එකයි. හරිම උණුසුම් ආගන්තුක සත්කාරයක් වගේම මනස නැවුම් කරවන තැනක් වෙන මේ අවන්හල ගොඩක් ඉඩකඩ සහිතව නිර්මාණය කරලා තියෙනවා. සුවපහසු බවත් වර්ණවත් බවත් විතරක් නෙමෙයි, පොඩි අයට සෙල්ලම් කරන්න පවා වෙනම තැනක් තියෙනවා.
හරිම රසවත් කේක්, අතුරුපස සහ කුකී වර්ග පිරිනමන මේ අවන්හල පටන් අරන් තියෙන්නේ සහෝදරයෙක් සහ සොයුරියන් දෙදෙනෙක් එක්වෙලයි. මෙයාලා මෙතැනට එන්න පෙර ගාන්ධාර සාප්පුව ළඟ තැනක වෙනත් නමකින් අවන්හලක් පවත්වාගෙන ගියා.
මෙතැන පිළිගන්වන කේක්වලින් වැඩිම ඉල්ලුමක් තියෙන්නේ blazed butter කියන කේක් වර්ගයටයි. අතුරුපස ගැන කතාකරද්දී Creme Brulee ඉතා ජනප්‍රියයි. ඒ වගේම Kahlua cheesecake එකත් මෙයාලගේ මෙනු එකේ තියෙන හොඳම තේරීමක්.
මම මෙතැනදී ගොඩක් කේක් වර්ග අතුරුපස වර්ග අත්හදා බැලුවා. ඒ හැම එකක්ම රසවත් වුණාට Creme Brulee එකයි, Kahlua cheesecake එකයි තමයි හොඳම ජාති දෙක. අනික හොට් චොක්ලට් එකත් ඉතාම රසවත්!
- ධනූ
ඡායාරූප - you’re my favorite