ප්‍රවීණ ඡායාරූප ශිල්පියකු, සිනමා තිරපිටපත් රචකයකු, සහය අධ්‍යක්ෂවරයකු සහ සිනමා මාධ්‍යවේදියකු වූ බර්ටි ගුණසේකර මහතා පසුගිය 7දා දිවිරඟමඬලෙන් සමුගත්තා. සිනමාව උදෙසා විවිධ ක්ෂේත්‍රයන්ගෙන් දායක වූ ඔහු සිනමා තිරරචකයෙක් ලෙස “හන්තානේ කතාව” චිත්‍රපටයටත් සම්බන්ධ වුණා. විජය කුමාරණතුංගයන්ගේ පෞද්ගලික ඡායාරූප ශිල්පියා වූයේද ඔහුයි. සිනමා සහය අධ්‍යක්ෂවරයකු ලෙසද අත්දැකීම් සහිත ඔහු සිනමා මාධ්‍යවේදියකු ලෙසද කටයුතු කොට තිබෙනවා.
සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ ඡායාරූප උපදේශක සභාවේ සභාපතිවරයා වශයෙන් කටයුතු කළ ඔහු සිය දැනුම වත්මන් පරපුරට ලබාදෙන උපදේශකවරයකු ලෙසද කටයුතු කොට තිබෙනවා.
ඔහුගේ ඉල්ලීම පරිදි අවසන් කටයුතු පැය 24ක් ඇතුළත සිදු කළා. ඒ අනුව පෙබරවාරි 08 වැනිදා දේහය පිළිබඳ අවසන් කටයුතු කොහුවලදී සිදුකර තිබෙනවා. මේ සේයාරූ ශිල්පියාගේ ගෝල පරම්පරාව තැබූ සටහන්වලින් මූණුපොත පසුගිය දිනවල පිරී තිබුණා. මේ ඉන් උපුටාගත් සටහන් කිහිපයක්.
ඉන්ද්‍රනාථ තේනුවර ඔහුගෙන් ගුරැහරැකම් ලද ප්‍රවීණ ඡායාරෑප ශිල්පියෙක්. මේ ඔහු මූණුපොතේ තබා තිබූ සටහනයි.
කෙනෙකුට ජීවිතයේ අසන්නට ලැබෙන අතිශයම කනගාටුදායක පුවත අද උදෑසනම දුරකතනය හරහා ආවේ ය....
40 අවුරුද්දකට වැඩි අතිශය සමීප මිතුරැ, ඥාති ඇසුර අවසන් කරමින්, අප දයාබර මහා පුරුෂයා බර්ටි ගුණසේකර ප්‍රාමාණිකයා හදිසි හෘදයාබාධයක ප්‍රහාරයකින් මෙලොව හැර ගිය පුවත ගැහෙන ඇඟිලි තුඩඟින් මෙසේ කියා සිටිමි...!!
දයාබර බර්ටි අයියා... ඔබ කිසිදාක මියයන මිනිසකු නොවේ. මන්ද, ඔබ අප අතර අමරණීයම මිනිසා නිසාය...!
මහ රූ අවසන් කරන සතුටු සාදයක අවසන ඔබට සමුදෙන්නේ කෙලෙසක ද, එසේම පරිස්සමිං ගිහිං එන්න අයියා.. කියමි.
තිස්ස ගුණවර්ධන බර්ටිගෙන් උපදෙස් ලැබූ තවත් ඡායාරූප ශිල්පියෙක්. ඔහු බර්ටිගේ උපන් දිනකට යෙදූ සටහනක් මේ.
&බර්ටි ගුණසේකර නම් අපේ කාලයේ තරුණයා
බර්ටි ගුණසේකර නම් අපූරැ රසවතාගේ උපන්දිනය අද. ඡායාරූප ශිල්පියකු ලෙස මම ඔහු අඳුනාගන්නේ 90 දශකයේදී. එකල මම මගේ ඡායාරෑප මුද්‍රණය කර ගැනීමට ගියේ පාමංකඩ පිහිටි ඔහුගේ රසායනාගාරයට. එතන එකල ගොඩක් ඡායාරූප ශිල්පීන් මුණගැසුණු තැනක්. ඒ වගේම තමා බර්ටි අයියගේ රස කතා. බර්ටි අයියා කියන්නේ ඉතාම නිරහංකාර මහත්මයෙක්. හොඳ මිතුරෙක්. ඒ වගේම තමුන් දන්නා දේ කිසිවක් නොසඟවා කියා දෙන ගුරුවරයෙක්. මම දවසක් එයාගේ ෆොටෝ එකක තිබුණු බැක් ග්‍රවුන්ඩ් කර්ටන් එකක් ගැන ඇසුවා. එයා ගත් කටටම කිව්වා, අයියෝ මල්ලි ඕක පරණ සිමෙන්ති උරයක් හොඳට පොඩි කරලා ආපසු දිගඇරලා ගත්තේ කියලා. ඒ ඡායාරෑපයේ සිටියේ ජනප්‍රිය නිළියක්.
තබ්බපණ්නි මූණුපොත් පිටුවේ තබා තිබුණේ මෙවැනි සටහනක්.
යුගයේ මිනිසා අප හැරයයි...
සාමාන්‍යයෙන් යුගයක් එකලු කරන මිනිසුන් බිහිවන්නේ ඉතාම අඩුවෙනි. එහෙත් ඔහු එවැනි අප්‍රමාණ මිනිසෙකි. බොහෝ ක්ෂේත්‍ර සම්බන්ධයෙන් ඔහු ප්‍රාමාණිකයෙකි. ඡායාරෑප ක්ෂේත්‍රයට ඔහු දැක්වූ දායකත්වය වචනයට නැගිය නොහැකි තරම් පෘථුල වූවකි.
සිය දැනුම බෙදාහැරීම වෙනුවෙන් දෙපාරක් නොසිතූ මේ අපූර්ව මිනිසා අප කාටවත් නොකියාම යන්නට ගොස්ය.
අප අතහැර යන මොහොත වනවිටත් රාජ්‍ය ඡායාරෑප උපදේශක සභාවේ සභාපති තනතුර ඇතුළු ඡායාරෑප ක්ෂේත්‍රයට අදාළ දෙස් විදෙස් තනතුරැ රුසක් හේ හෙබවීය.
ඔහු නමින් හිතාදර බර්ටි ගුණසේකරය.
දැන් සියල්ල සිදුවී අවසන්ය. සැබැවින්ම බොහෝ හදවත්වල අමරණීය මතකයක් තබා ඔහු නික්ම ගොස්ය.
ඔහුට අවසන් ගෞරව දැක්වීමට ගිය සිසුවියක වන එෂාදි තබා තිබූ සටහනක් මෙසේය.
යනවිට ඔබේ නිවසට
වෙනදා මෙන්
එන්න එෂාදියි කියමින්
ඔබේ ඒ සොඳුරු මදහස
අදත් තිබුණා එලෙසම
වදන් පමණක් නොමැතිව
කියන්නට ලියන්නට ඔබ ගැන
වාරැ නැත මැලවී හිත
ආදරණීය බර්ටි සර්,
ඔබ දුන් තෙවැනි ඇස රුගෙන යමි
ඔබට පින්!
ප්‍රේක්ෂක